අපි අද බලමු IR Dome Cameras ගැන. පහුගිය CCTV ලිපි නොබලපු උදවිය ඉන්නව නම් ඒවත් බලලම මෙතෙන්ට ආව නම් හොදයි කියලයි මම හිතන්නේ. නවත්තපු තැනින් පටන් ගමු. අන්තිමට නැවැත්තුවේ Bullet Camera පිළිබදව කතා කරපු ලිපියෙන්. මේ Bullet සහ Dome camera දෙවර්ගයම කාර්ය අතින් ගොඩක් සමානයි. මේ දෙවර්ගය ඔබ යෙදිමට බලාපොරොත්තු වන කාර්ය අනුව ගැලපීමෙන් අනතුරැවයි ඔබ යමකට යොමු වෙනවා නම් යොමු විය යුත්තේ. මේ Bullet Camera එලියට නෙරා තිබෙන ආකාරයක් දැකිය හැකියි. මම ගිය වතාවෙ ලිපියකත් ඒ ගැන සදහන් කලා. හරියට තුවක්කුවක එලියට නෙරා තිබෙන barrel එකක් (barrel of a gun) වගේ. මේ dome camera එකක් තියෙන්නේ circular “dome” shape එකක්මයි. ඒ වටකුරැ ගෝලාකාර ස්වභාවයකුයි. මේ වර්ග දෙකේම surveillance cameras ගොඩක් ජනප්‍රිය නිසා මම හිතන්නේ ඔය ගොල්ලෝ දැකල ඇති. ඉතින් මේ වර්ගවල මහ ලොකු අමාරැ සහ තද rules නැහැ භාවිතා කිරිමේදී. තමන්ට ඒ මිලදී ගන්න ස්ථානයෙන්ම මේ සම්බන්ධයෙන් විමසා මතක තබාගෙන හෝ guidelines එක නැත්නම් manual එක හරහා installation ක්‍රියාවලිය කර ගන්න පුලුවන්. ඒත් සමහර පක්ෂ හා ප්‍රතිපක්ෂ අදහස් තියෙනවා මේවා දෙවර්ගයම එක වගේ වුනාට භාවිතයන් තුලදි පැන නැගෙන. එනම් සමහර applicationsතුල මේවා ක්‍රියාත්මක කිරීමෙහි ගැටලු පවතිනවා. අපි හිතමු මේ CCTV installers ලා දහයක් විතර ගත්තාම එයින් නවයක් පමණම එකග වෙනවා bullet cameras ගොඩාක්ම හොද කාර්යක්ෂමතාවයක් හා ප්‍රතිඵලදායි වෙන්නෙ OUTDOOR applications සදහා යන්නටත් dome cameras ගොඩක් දුරට හොද වෙන්නේ INDOOR applications සදහාත්ය කියන තර්කයට.
අනික් කාරණා තමයි ඔබ ගොඩක් දුරට පැතුරැමක් එහෙමත් නැත්නම් long-range එකක් ආවරණය කරන්නට camera එකක් භාවිතා කරනවා නම් bullet camera එකකට තමයි යන්න ඕනේ. එනම් දිගු ලෙන්සයක් දිගු හා පැතිරැණු දුරක් ආවරණය කරනවා. (The longer the lens, the longer the range) . මොකද dome camera වල නැඹුරැව පවතින්නේ ගොඩක් දුරට අඩු විශ්කම්භයකින් යුත් lenses වලටයි. නමුත් එහෙමම කියලත් නෑ. සමහර domes වල අන්තර්ගත කර තිබෙනවා පෘථුල වූ ලෙන්ස විශේෂයන්. උදාහරණයක් වශයෙන් Veilux Cameras Manufacturer විසින් ගෙනෙන Vandal Dome Camera විශේෂය මෙවන් වු ආකාරයක් ගත්තක් වෙනවා. එය 22X zooming සහිත 1080p පමණ ඉහල විභේදනයක් සහිත වීඩියෝ පටිගත කිරීමේ හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය Dome Camera එකක මිලට වඩා මේ විශේෂිත Vandal Dome එකක් දෙතුන් ගුණයකින් පමණවත් මිල වෙනස් වෙනවා. Indoor camera එකක් නම් dome තමයි common එක. ගොඩක් අය ඒකට කැමති ඒ විශේෂය ආගන්තුක නැ ගොඩක් අයට. ඒ වගේම දර්ශණීය වගේම මටසිලුටු පෙනුමක් තියෙනවා අර බැරල් එකක් වගේ එලියට නෙරලා ගිය කැමරාවට වඩා.මොකද ගෙදරක් ඇතුලටනෙ. අනික මෙහි කැමරා එක ඇතුලට වෙන්නට හැංගිලා පිහිටන නිසා සිවිලිමක වගේ කල ස්ථාපනය පිටට පෙනෙන්නේ ගෙදර හයිකරපු විසිතුරැ බල්බයක් වැනි පෙනුමක්. මේ ගැන අවබෝධයක් ඇති යමෙකුට හැර මෙහි වෙනස හදුනා ගැනීමට එකපාරම හැකියාවක් නෑ. නමුත් Bullet camera එකක් ඉතා පහසුයි මේ dome එකක් ස්ථාපනය කරනවට වඩා. මොකද ඒවා බිත්තියකට හෝ කණුවකට සවි කිරීම පමණයි කලයුත්තේ. ඒවා point-and-shoot කැමරා විශේෂයක්. නමුත් Dome එකක් සවි කරද්දි පියවර ගොඩක් තියෙනවා ඒවා අවශ්‍ය ආනතියට හැරවීම දක්වාම. Bullet cameras වර්ගය natively weather proof නිසා හා environmental protection වලදී longer range එකක් සහිත ලෙන්සයකින් ආවරණය සහිත නිසා vehicle park එකකට , bank එකකට, Bus stand එකකට හෝ හොරැන්ගෙන් ආරක්ෂා කල යුතු තැන් වගේ විශාල පරාසයක් ආවරණය කරන්න හැකි තැනකට ඉතා යෝග්‍යයි.මොකද මේ වර්ගයේ ලෙන්සයන් හි ඇති පැහැදිලිව පෙනෙන පරාසය මගහැර යන්නට අසීරැයි. ඉතින් මේ Dome Cameras වල General, Infrared, Vandal Proof, IP, Infrared IP, Vandal Proof IP, Vandal Proof Infrared IP යනුවෙන් ආකාර බොහොමයක් තිබෙනවා. ඉතින් මේ කැමරාවල බලවත් infrared LEDs විවිධ ප්‍රමාණවලින් ඇතුවා වගේම අයහපත් ආලෝක තත්වයන් යටතේ වුවත් පැහැදිලි වීඩියෝ තොරතුරක් ලබා දීමට සමත්.
මම මේ ලිපි පෙලින් අදහස් කරන්නේ මේ පිළිබදව නොදැනුවත් උදවියට මෙන්ම මෙවැනි ආරක්ෂක පද්ධතියක් තමන්ට උවමනා යැයි හැගෙන පිරිසට මග පෙන්වීමක් කිරීමටයි. මොකද එකපාරටම මටත් මෙවැනි Security Surveillance System එකක් ඕන කියලා ඒ පහසුකම් සපයන ආයතන වෙත ගොස් තමන්ට අවැසි දේට වඩා ඔවුන්ට අවැසි දේ ඔවුන්ගේ සිතැගි පරිදි මිලදී ගැනීමේ හෝ මිලට ගැනීමට යොමු කරවීමෙන් වැලකීමට ඔබට යම් කිසි දැනුවත් භාවයක් ඇතිකිරීමට ගන්නා උත්සාහයකුයි මේ. දැනගැනීමට ඇති කරැණු ඇත්නම් මේ ඔස්සේ කමෙන්ට් කිරීමෙන් හෝ මගේ විද්‍යුත් ඊය වන damith.thara@gmail.com ලිපිනය ඔස්සේ අමුණා එවන්න.
මම මේ ලිපි පෙලින් අදහස් කරන්නේ මේ පිළිබදව නොදැනුවත් උදවියට මෙන්ම මෙවැනි ආරක්ෂක පද්ධතියක් තමන්ට උවමනා යැයි හැගෙන පිරිසට මග පෙන්වීමක් කිරීමටයි. මොකද එකපාරටම මටත් මෙවැනි Security Surveillance System එකක් ඕන කියලා ඒ පහසුකම් සපයන ආයතන වෙත ගොස් තමන්ට අවැසි දේට වඩා ඔවුන්ට අවැසි දේ ඔවුන්ගේ සිතැගි පරිදි මිලදී ගැනීමේ හෝ මිලට ගැනීමට යොමු කරවීමෙන් වැලකීමට ඔබට යම් කිසි දැනුවත් භාවයක් ඇතිකිරීමට ගන්නා උත්සාහයකුයි මේ. දැනගැනීමට ඇති කරැණු ඇත්නම් මේ ඔස්සේ කමෙන්ට් කිරීමෙන් හෝ මගේ විද්‍යුත් ඊය වන damith.thara@gmail.com ලිපිනය ඔස්සේ අමුණා එවන්න.


හොද ලිපියක් ,දිගටම ලියන්න .
ReplyDeleteබොහොම ස්තුතියි බ්ලැක් නයිට්...
ReplyDeleteබොහොම වැදගත් කරුණු අඩංගු වටිනා ලිපියක්. දැනුම බෙදන ඔබට පිං.
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් "සමකය" ලියන ඔබටත් අගය කිරීම සම්බන්ධව... විශාල ශක්තියක්...
ReplyDeleteනොදන්න ගොඩක් ඒවා දැනගත්තාමචං. මමයි යාලුවෙකුයි පොඩි shop එකක් කරනවා. එකට මට ඕන කරනවා මේ වගේ සිස්ටම් එකක් දාගන්න.කැමරා 4ක් වත් අර ඔයා කියල තියෙන ඩෝම් වර්ගයේ ටිකක් අඩු ඒවා හැබැයි.තව ඒ විඩියෝ සේව් කරගන්න එකකුත් ඕන.අඩු ගානේ මාසයක්වත් පහුගිය ඒවා බලන්න පුලුවන් එක්ක නම් හොදයි.එහෙම ඒවා තියෙනවාද?ඔයා මේවා බිස්නස් එක්ක විදිහට කරනවනම් මට කීයකට විතර ගන්න පුලුවන්ද මේ සෙට් එක?
ReplyDelete@ කැලුම් සංජීව
ReplyDeleteපුලුවන් උදව්වක් දෙන්නම්.මගෙ මේල් එකට ඊමේල් කරන්න කැලුම්.damith.thara@gmail.com, damith.thara@yahoo.com