Thursday, September 1, 2016

සිංහයෝ, කොටියෝ, හිපෝලා, මී මැස්සන්, නරියන්, රට හාවන්...



සිංහයෝ- විශාල අවදානම් දරමින් දිගුකාලීන තීරණ ගන්න, උපක්‍රමශීලීව කටයුතු කරන අය. හරියට ආයතනයක ඉන්න නායකයෝ වගේ.තමන්ගේ පිරිස බලාගෙන ආරක්ෂා කරන සිංහයෝ මිසක් උන්ව මරාගෙන කන සිංහයෙක්වත්, නරියන්ව හාවන්ව ගොදුරු කර ගන්න සිංහයෙක්වත් නොවී අභිමානය රැකගත්තු සිංහයෙක් වෙන්න. සිංහයෙක් වගේ හිතුවොත් සිංහයෙක් වෙන්න පුලුවන්.

කොටියෝ- We are second, We try harder කියමින් දෙවෙනි පෙල නායකයන් හැටියට කටයුතු කරන අය. මොවුන්ට නායකත්ව ගති ලක්ෂනවලට වඩා තියෙන්නේ කලමණාකරණ ගති ලක්ෂණ.

හිපෝලා- මීට වසර 20කට විතර කලින් වැඩ පෙන්නලා, අලුත් පරම්පරාවත් එක්ක පෑහෙන්න බැරිව දැන් කාටවත් කරදරයක් නැතිව පැත්තකට වෙලා දෙන වැඩක් කරගෙන ඉන්න අය.

මී මැස්සන්- බොහොමයක් ආයතන වල මහන්සි වෙලා වැඩ කරන පිරිස් අයිති වෙන්නේ මේ ගනයටයි. ගොඩක් මහන්සි වෙලා මී වදේ බඳිනවා. නමුත් වදේ අයිතිය එයාලට නෑ. මී මැස්සන්ට වදේ අයිතිය දුන්නොත් ආයෙත් මල් පැණි හොයන්න යන්නේ නැති වෙන්නත් පුලුවන් නිසා ඒකත් හරි. 

නරියන්- ඕනෑම තැනක ඉන්නවා. දුර්වල කලමණාකාරීත්වයක් ඇති තැන්වල නරියෝ සිංහ වෙස් අරන් වැජඹෙනවා. නරියා කියන්නේ කොහොමත් කපටි සතෙක්නේ. තමන්ට වාසි වෙන විදිහට ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්න අය.

රට හාවන්- හරිම ලස්සනයි, අහිංසකයි. ඔහේ පාඩුවේ ඉන්නවා. කාටවත් කරදරයක් නෑ. ඒත් ගොඩක් රට හාවන් ලෙහෙසියෙන්ම වැඩ කල්දානවා. කම්මැලියි. මොකක් හරි excuse එකක් තියෙනවා. ඕනෑම ආයතනයක නවකයෙක්ට මේ රට හාවන්ගේ කුලකයේ ටිකක් කල් ඉන්න සිද්ධ වෙනවා. නවකයන් දිගටම රට හාවෙක් වෙලා ඉන්නවට කැමති පිරිස් ඉන්නවා. ඒත් දිගින් දිගටම රට හාවෙක් වෙලා ඉන්න හිතන්න නම් එපා. තමන්ගේ විභව ශක්තිය උපයෝගී කරගෙන ටිකෙන් ටික පරිණාමය වෙලා කොටියෙක් ,  සිංහයෙක්ම වෙන්න.

කැලුම් වැලිගම රචනා කල "තරඟයේ වීරයා" කෘතිය කියවා උකහාගත් කරුණු සාරාංශ කර ලියන ලද්දකි...

8 comments:

  1. රති කෙලලා කාලෙකින්.. ඒත් පොතකින් අරන්. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් වෙලාවක් නෑ නෙව.

      Delete
  2. අපූරු උපුටා ගැනීමක්. හැම සතෙක්ම අපි ළග ඉන්නවා. නැත්තේ මිනිසා පමණයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ස්තුතියි කමෙන්ටුවට...

      Delete
  3. අපූරුයි.. මේ හැම ජාතියකම මිනිස්සු අපිට මුණ ගැහෙනවා.. ඔෆිස්වල විතරක් නෙමේ.. ජීවිතේ හැම තැනකම..

    ඇත්තටම සිද්ධ විය යුත්තෙ තිරිසන් සතුන්ගෙන් හරි ඉගෙන ගෙන මනුස්සයෙක් වෙන්න බලන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්. කොහොමද ජීවිතේ වෙනස් කරගන්න ඕන කියන එක බුදු දහමේ පවා තියෙනවා.... ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  4. මට මිස් වෙච්ච බ්ලොගයක්. නැවත එන්න බලා පොරොත්තු වෙනවා.

    ReplyDelete