අදනම් හැබැයි දෙන්න යන්නේ වටින කියන software එකක්. මට ගොඩක් ප්රයෝජනවත් වුන එකක් මේක. අපි අපේ පරිගණකයට වෛරස් ඇටෑක් කරාම කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ මොකද මම කලින් ලිපියක මේ ගැන සංකීර්ණව සාකච්ඡා කරලතියෙන නිසා. අවශ්ය කෙනෙකුට ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන්.Kaspersky virus removal tool එකක් භාවිතා කරගෙන කොහොමද පරිගණකයේ වෛරස ඉවත් කරගන්නේ කියන එක එහිදී මම කතා කලා. Kaspersky කියන්නේ බොහොම විශ්වාසයෙන් යුතුව විශ්වාසය තැබිය හැකි brand එකක්. ඒත් ඉතින් මට නම් brand එකෙන් වැඩක් නෑ process එක තමා වටින්නේ. අද කියන්නෙත් ඔවුන්ගේ තවත් එක් නිෂ්පාදනයක් වන Kaspersky Rescue Disk පිලිබදවයි. Kaspersky Rescue Disk 10 version එක තමයි මෙහි අලුත්ම එක. මෙහි වාසි කිහිපයක් තියෙනවා.
- පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කිසිම ආකාරයකින් load නොවේනම් එහි සහයක් නැතිව වෙනමම ක්රියාත්මක වී virus infected පරිගණකයක වෛරස ඉවත් කිරීමේ හැකියාව.(When it is impossible to boot the operating system)
- Bootable ISO image එකක් ලෙසට CD එකකට burn කරගැනීමේ හැකියාව.
- අවශ්යනම් removable USB device එකකට වුවත් ස්ථාපනය කරගැනීමේ හැකියාව.
- පරිගණකයට install කිරීමක් අවශ්ය නොවීම.
මෙතනින් Kaspersky Rescue Disk 10 එක ISO image එකක් ලෙස Kaspersky Lab servers ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ධාරිතාවය 200MB පමණ වේ. එසේත් නැත්නම් Kaspersky Anti-Virus 2011 ඔබේ පරිගණකයේ පිහිටුවා තිබේනම් එහි application interface එක හරහා වුවත් ඔබට මේ Kaspersky Rescue Disk 10 නිර්මාණය කරගත හැකියි. මෙසේ ඩවුන්ලෝඩ් කරගත් Kaspersky Rescue Disk 10 ISO image එක CD Burning Wizard එකක් ඔස්සේ CD තැටියකට පිටපත් කරගන්න. දැන් ඔබට වෛරස ඉවත් කිරීමට අවශ්ය virus infected පරිගණකය Restart කර එහි BIOS Settings වල Boot record එක CD ලෙස තෝරා දෙන්න. මෙහිදී පියවර කිහිපයනික් පසු bootable cd එක හරහා පරිගණකය boot වෙනු ඇත. ඔබ මේ සදහා removable USB device එකක් භාවිතා කරනවානම් පහත පියවරයන්අනුගමනය කරන්න.
1 පලමුව Kaspersky Rescue Disk 10 ISO image එක ඩවුන්ලෝඩ් කරගන්න. (200 MB)
2 දැන් ඔබගේ පෙන් එක bootable කිරීමට අවශ්ය වන මෘදුකාංගය මෙතනින් ලබාගන්න. (378 KB)(Utility to record Kaspersky Rescue Disk 10 to USB devices)
3 දැන් rescue2usb.exe එක රන් කරන්න.
4 පසුව open වන Kaspersky USB Rescue Disk Maker වින්ඩෝවෙන් ඩවුන්ලෝඩ් කරගත් Kaspersky Rescue Disk 10 ISO image එක Browse කර තෝරා දෙන්න.
5 මීලගට ඔබට එය ස්ථාපනය කිරීමට අවශ්ය USB device එක තෝරාදෙන්න. මෙහිදී එම USB device එකේ දත්ත ඇත්නම් ඒවා බැක්අප් කර pen එක empty කර ගැනීම නුවණට හුරැයි.
6 STARTයන්න Click කරන්න.
7 Process එක අවසන් වු පසු "Kaspersky USB Rescue Disk has been successfully created"
යනුවෙන් ලැබෙන message එක Ok කරන්න.
8 පෙර පරිදිම පරිගණකයේ BIOS Settings වල Boot record එක USB ලෙස තෝරා දෙන්න.
දැන් USB device එක හරහා පරිගණකය boot වනු ඇති.
11 Kaspersky Rescue Disk. Graphic Mode තෝරන්න.
මෙවැනි Rescue Disks කලින් කලට යාවත්කාලීන කරන බැවින් CD තැටියකට පිටපත් කරගැනීමට වඩා USB device එකකට record කරගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් සුදුසු බව මගේ අදහසයි. ඔබත් මෙය භාවිතා කර අදහස් ඉදිරිපත් කරන්න.
මෙවැනි Rescue Disks කලින් කලට යාවත්කාලීන කරන බැවින් CD තැටියකට පිටපත් කරගැනීමට වඩා USB device එකකට record කරගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් සුදුසු බව මගේ අදහසයි. ඔබත් මෙය භාවිතා කර අදහස් ඉදිරිපත් කරන්න.







pen eken boot karanakota slow nedda?
ReplyDeleteලොකු ස්ලෝ එකක් නෑ. පෙන් එක USB version 2.0 වෙලා පරිගණකයත් USB 2.0 වලට සපෝර්ට් කරනවා නම් අවුලක් ඇත්තෙම නෑ.
ReplyDeleteමෙම වෛරස් ගාඩ් එකෙනුත් ලොකු මෙහෙවරක් ඉටුකරනවා තමයි. හැබැයි මේකෙන් ඔය කියන තරමක් වෛරස් clean වීමක් සිදුවෙන්නේ නැහැ. මම මේක පිළිබදව සුළු පැහැදිලි කිරීමක් මගේ http://www.sathsamudura.blogspot.com/ බ්ලොග් එකේ දාලා තියෙනවා. කැමතිනම් ඒකත් ටිකක් බලන්න.
ReplyDelete