ඔබේ පරිගණකය මේ වනවිටත් වෛරස්වල ගොදුරක් වෙලාද?
වෛරස් මගින් පරිගණකය ආක්රමණය කරන්න ප්‍රධානම හේතුව තමයි පරිගණකයේ දැනට ඇති ප්‍රති වයිරස වැඩසටහන් කෝක වුනත් හරියාකාරව time to time update නොකිරීම. අපි පරිගණකයෙන් අපිට විනාඩියෙන් දෙකෙන් කරේ නැත්නම් මිස් වෙන, මහලොකු වැඩ කරන අය නෙමෙයිනෙ. අලුත් update එකන් දාගන්න වෙලාව නැතිකමත් නෙවෙයිනෙ. ඉතින් මගේ විශ්වාසයේ හැටියට ප්‍රති වයිරස වැඩසටහන් කෝකත් හොදයි. ඒකෙන් අදහස් කලේ එක වගේ ඔක්කොම හොදයි කියලා නෙවෙයි. සමහර ඒවා තියෙනවා අලමයි. සමහර ඒවා ගොඩක් reliable. update එක නියම කාලයට කලා නම් ගොඩක් වෛරස් ගාඩ් හරියාකාරව ක්රියාත්මක වෙනවා. මම free version එකක් හැටියට රෙකමන්ඩ් කරන්නේ Avast කියන වෛරස් ගාඩ් එකයි. මේකෙන් නියම වැඩ ගන්න නම් අලුතෙන් OS එක දාපු හැටියෙම Avast එකත් දාන්න ඕන. ඊට පස්සේ සතියෙන් සතිය වගේ update කරගන්න ඕන. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ update එක හරියාකාරව කරනවනම්. මෙහි විශේෂත්වය තමයි අන්තර්ජාලය නැති පරිගණකයකට වුනත් , අන්තර්ජාලය ඇති පරිගණකයකින් update එක download කරගෙන ඇවිත් ඒ setup file එක run කරලා update කර protection එක පවත්වාගත හැකි වීම.
ඒ කිව්වේ පරිගණකයට වෛරස් attack කරන්න බලපාන හේතු.
තාම මාතෘකාවට එන්ටර් වුනේ නෑනේ.
දැන් බලමු වෛරස් attack කල පරිගණකයක් හදුනාගන්නේ කොහොමද කියලා.
1. Virus Gaurd එකක් ඇත්නම් update options disable වීම.
2. වෙනත් Virus Gaurd එකක් වත් install කරන්න බැරි වීම.
3. Safe mode යන්නත් බැරි වීම.
4. වෛරස් ගාඩ් තියන සයිට් එකකටවත් පිවිසෙන්න බැරි වීම. ඒත් අනිත් සයිට් වලට පුළුවන.
5. Virus Scanners start කලත් 100% ක් සම්පූර්ණවීමට පෙර හිටිගමන් නැවතීම.
6. ඔටෝ රන් ෆයිල් පරිගණකයේ නිතර සෑදීම.
7. Hidden files option හා Task manager disable වීම.
ඉහත ඒවාට අමතරව තවත් හේතු රාශියක් ඇත. මෙහි සදහන් කලේ බෙහෙවින් බලපාන හේතූන් කිහිපයකි.
එහෙනම් කරන්න පුලුවන් දේවල් කිහිපයක්ම තියෙනවා.
දරැණු ආකාරයේ වෛරස් attack එකක් නොවේනම්...1.Ubuntu, Slax වැනි Live CD එකක් මගින් boot කරගෙන වෛරස් ඉවත් තිරීමට කටයුකු යොදන්න.
2.Kaspersky removal tool එක Kaspersky සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න.
ඉන් පසු සාමාන්‍ය Desktop එකේදී හෝ Safe mood ඔස්සේ ගොස් Scan කර වෛරස් ඉවත් කර ගන්න.මෙම ටූලය ඒ සදහා ඉතාමත් යෝග්‍ය වේ.
දරැණු ආකාරයේ වෛරස් attack එකක් නම්...
1. එකම විසදුම Format කිරීමයි.
Format කිරීමේදී C එක පමණක් කිරීම ප්‍රමාණවත් නෑ. මොකද අපි නොදන්නවා වුවත් අනෙත් partitions වලට දැනටමත් වෛරස රිංගා තිබෙන්න පුලුවන්. අනිත අපි backup ගන්නකොට virus එක backup එකටත් පැමණේ. ඔබ යම් කිසි USB device එකක් බාවිතාකරනවා නම් ඒකටත් එන්න ඉඩ තියෙනවා.
Format කිරීමේදී පිලිපැදිය යුතු කරැණු...
1. අදාල දත්ත අවශ්‍ය ඕනැම තැනකට backup කරගන්න. (CD, USB. HDD)
2. ඔබ Windows භාවිතා කරයි නම් මුලු HDD එකට Windows CD එකක් මගින් Format කරන්න. partitions කීපයක් ඇතිනම්
ඒවා ගලවා, repartition කරගන්න.
3. Windows Install කර එය Original version එකක් නම් Update කරන්න. සියලුම update යොදන්න.
service pack, plugins, net settings, IE ද ඇතුලුව. (අන්තර්ජාලයට සම්බන්දව)
4. Install කිරීමට යන Antivirusමෘදුකාංගයේ අලුත්ම නිකුතුවත් ඇත්නම් වඩා හොදය. නැත්නම් පරණ version එකක් නම් engine එක Update කරන්න.
5. Trial versions දැමීමෙන් වැලකී මුදල් ගෙවා ලබාගත් එකක් හෝ Free version (මෙහි features අඩ් විය හැක) Key එකක් සමග යොදන්න.
6. ඉහත දේවල් සම්පූර්ණ කරන තෙක් කිසිම USB device එකක් සමිබන්ධ නොකරන්න, Driver CD
නම්, Original එක පමණක් බාවිතා කරන්න.
6. දැන් backup ගත්ත දේවල් full scan කරන්න.
ඉහත පිලිවෙත අනුගමනය නොකලොත්, කොහෙ හරි රිංගගෙන ඉන්න වයිරස් එකත් පැමිණිමට ඇති ඉඩ වැඩිය.එවිට මොන වයිරස් scanners දැම්මත් එයින් පලක් නැත. Windows update කල හැකි නම් එයත් ඔබට විශාල වාසියක් වනු නොඅනුමානය.(Windows update කිරීමට නම් එය pirated copy එකක් නොවිය යුතුය)
භාවිතයේදී පිලිපැදිය යුතු පිලිවෙත්...
1. Windows Explorer (WinKey+E) මගින් බ්‍රවුස් කරන්න. ඩ්‍රයිව් මත ඩබල් ක්ලික්
කරන්න යන්න එපා.
2. USB device එකක් සමිබන්ධ කරන විට Alt+Shift+Ctrl කීස් තුන press කරගෙන එය සම්බන්ධ කරගන්න. මෙමගින් ඒවා auto run වීම වලක්වා ගත හැක.
ගැටලු ඇත්නම් ඒවා මෙහි ඉදිරිපත් කරන්න. Comment එකක් දෙනවනම් ගොඩක් හොදයි.
