වෙනදා ආදරයට සම්බන්ධ ගීතම දෙන මම අද දෙන්නේ ඊට ටිකක් වෙනස් ආකාරයක් ගත් ගීතයක්, වෙනස් අර්ථයක් රැගත් ගීතයක්. මේ සින්දුවත් පට්ට එකක්. කාගෙවත් නෙවෙයි, Shayne Ward කියන English pop singerගේ Obsession 2010 නමින් ඊයේ පෙරේදා නිකුත් වුන ඇල්බමයේ එන ගීතයක්. "Human" තමයි ගීතයේ නම. මනුෂ්යත්වය කොච්චර වටිනවද කියලයි කියන්නේ. මම මීට කලිනුත් මොහුගේ ලස්සන ගීතයක් බ්ලොගයේ පලකරලා තිබුණා. ඒක අහපු කටිටය නම් සින්දුව ගැන වගේම ගායකයා ගැනත් දන්නවා ඇති. ඒත් ඉතින් ගායකයා ගැන වැඩිදුර හැදින්වීමක් අවශ්ය නම් ඒකට මෙතනින් යන්න පුලුවන්. මොහුගේ Obsession 2010 ඇල්බමයේ එන Waiting In The Wings, Close To Close ගීතත් මම ඊයේ පෙරේදා අහපු ලස්සන ගීත දෙකක්. "Human" ගීතයෙන් කියන්නේ ඔබේ දුක් දොම්නස් මට කියන්න. ගැටලු, කරදර හමුවේ හීන වී යන මනුෂ්යත්වය රැකගනිමු අපි කියලයි.
"When your heart is hurting
When nothing is working
Let me through the door
Cause I've been there before
When your world is shaking
And your energy is fading
Just let me through the door
Cause I've been there before
You are not alone ooh ooh
You are not alone ooh ooh
We're just human
ඔබේ හිත රිදෙනවිටක,
කරන කිසිම දෙයක් හරියන්නේ නැතිවිටක,
ඔබේ ලෝකය කම්පාවට පත්වෙනවිට
ශක්තිය හීන වී යන විට
මට ඔබ වෙත එන්න ඉඩ දෙන්න
මන්ද මීට පෙරත් මම ඔබ අසලින් හිටි නිසා"
"We are all, all the same
We are human human human human
Different faces, different names
We are human human human human
We can never be replaced
We are human human human human
We are all, all the same
අපි හැමෝම සමානයි මිනිස්සු වශයෙන්
විවිධත්වය තියෙන්නේ මුහුණෙයි, නම් වලයි විතරයි
අපිට තනිවෙන්න අවශ්යතාවයක් නෑ
මොකද අපි හැමෝම මිනිස්සු නිසා"

No comments:
Post a Comment