අලුත් වර්ෂයේදී මම මගේ බ්ලොගය හරහා දෙන පලමු ගීතයයි මේ. බොහොම සංවේදී ගීත ගායනා කරන Westlife බෑන්ඩ් එකේ ගීතයක් මේකත්. මැක්සා සින්දුව. මම මීට පෙරත් Westlife බෑන්ඩ් එකේ "My Love", "Closer" වගේ ගීත බ්ලොගයේ පලකරලා තියෙනවා. කැමතිනම් මෙන්න ලින්ක් එකක්. මේ ගීතය මම මුලින්ම ඇහුවේ ගොඩක් කාලෙකට කලින් වුනත් තාමත් මේ ගීතය විදින්න ඒ පැරණි බව බාධාවක් වෙලා නෑ. ගීතයේ නම "Forever". ඒ කියන්නේ සදහටම ලගින් ඉන්න කියලයි. මුලු බෑන්ඩ් එකම වොයිස් කරනවා මේ ගීතයට. ඔෆීෂියල් ඇල්බමයක ආපු ගීතයක් විදිහට නෙමෙයි මේ ගීතය ජනප්රිය වුනේ. Single එකක් විදිහටයි. මෙම ගීතය අඩංගුවෙන්නේ "1999-2003 - Complete Works" නමින් නිකුත් වූ ඔවුන්ගේ Single Series එකක. ඊට අමතරව 1999 දීම නිකුත් වූ - Swear It Again (CDS-1) ඇල්බමයේත් Single එකක් විදිහට මෙය ඇතුලත් වෙනවා. ඒ ඇල්බමයට Swear It Again ගීතයක් ඇතුලත් වෙනවා. ආ..Swear It Again ගීතයක් පට්ටමයි. මැක්සා සින්දුවක්. ඒකත් අහලා බලන්න. Swear It Again ගීතයේ Rokstone Mix එක සෑහෙන්න හොදයි. මේ "Forever" ගීතය තනි ඇල්බමයක නිකුත් නොවුන ගීතයක් නිසා මේ ගීතය අහන්න නොලැබුන අයත් ඇති. මගේ හදවතේ ගැමුරැන්මයි මම ඔයාට ආදරය කරන්නේ, ඒ ආදරේ සදාකාලිකයි කියලා මේ ගීතයෙන් ගොඩක් සංවේදීව කියනවා.
"I'll be loving you forever,
Deep inside my heart you'll leave me never
මගේ ආදරේ සදාකාලිකයි
ඔයා මාව කවදාවත් හැර නොයාවි
මොකද මේ ආදරය හදවත පතුලින්ම පැනනැගුණු ආදරයක්"
"You are the sun,
You are my light,
And you're the last thing on my mind,
Before I go to sleep at night,
You're always round,
When I'm in need,
When trouble's on my mind,
You put my soul at ease
මගේ ජීවිතයට හිරැ හා එලිය ඔබයි
නින්දට පෙර සිහියට එනනේත් ඔබයි
මා වටා ඔබ හැමවිටම ඉන්නවා
මම කරදරයක වැටුන විට
මට අවශ්‍ය වූ විට ඔබ මගේ ආත්මය සුවපත් කරනවා
ඒ නිසා මගේ ආදරේ සදාකාලිකයි "
"There is no one in this world,
Who can love me like you do,
That is the reason that I,
Wanna spend forever with you,
ඔබ මට ආදරය කරනවා වගේ මට ආදරය කරන්න
මේ ලෝකේ කවුරැත් නෑ
ඒයයි කරැණ
මට ඔබත් එක්ක සදහටම ඉන්න ඕන"
මෙතනින් බාගන්න.
මේ සින්දුවේ Lyrics මෙතනින් බලා ගන්න පුලුවන්.
සින්දුව නම් පට්ටමයි. මැක්සිමම්.

බලමු අහලා .
ReplyDeleteඕං මං ගත්තා රතී අයියා
ජය වේවා!!