Thursday, January 27, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Light Gloves



            මේ වෙද්දී මගේ බ්ලොග් එක පොස්ට් පනහක් පහුකරලා ඉවරයි. ඉතින් මම පලමුවෙන්ම අද පෝස්ට් එක ලියන්න පෙර මෙතුවක් කල් මගේ පෝස්ට්වලට මට කමෙන්ට්ස් කරපු කට්ටියට, වැඩිදුරටත් දැනුවත් කිරීම් කරමින් මාව හරි මාර්ගයට ගත්තු උදවියට , මාව follow කරන අයට වගේම කමෙන්ට්ස් නොදා වුනත් කියවලා දැනුම ලබාගන්න හැමෝටමත් මගේ හදපිරි ස්තුතිය පුදකරනවා. ඉතින් දිගටම මේ ලිපි පෙලත් එක්ක ඉන්න. එක පෝස්ට් එකක් ලියන්න කලින් කීපාරක් මම ඒ පෝස්ට් එකට කරැණු එකතු කරනවද කියලා මමයි දන්නේ.  ඇත්තටම මට එක දිගටම තනි පෝස්ට් එකක් ලියන්න වෙන්නේ නැති තරම්. ඔයාලගේ කමෙන්ට්ස්වලට ෆීඩ්බැක් නොදුන්නෙත් මෙච්චර කාලයක් මගෙ ඒ  මට වෙලාව මදිකම නිසයි . ඒ සම්බන්ධව මම සමාව ඉල්ලනවා. මින් ඉදිරියට ඔයාලත් එක්ක මීටත් වඩා ලගින් ඉන්නයි මම හිතාගෙන ඉන්නේ හැකි හැම වෙලාවෙම.  අපේ කට්ටිය දාන කමෙන්ට්ස්වලින් පේනවා තාක්ෂණික දේ කියවන්න කැමති අයත් ඉන්න බව. ඒක හැබෑ සතුටක්. 
             අද මං කියන්න යන්නේ Optical Fibers වලින් මේ වනවිට ලෝකයේ සිදු කර ඇති නව සොයාගැනීම් පිලිබදවයි. මිනිසාගේ කටයුතු පහසු කරගන්න ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යොදාගන්නේ අන්තර්ජාලය ආශ්‍රිත කටයුතුවලදී විතරක් නෙවෙයි කියන එකට හොද උදාහරණ කිහිපයක් තමයි දෙන්නයි යන්නේ.


            ඉහත  රෑපයෙන් දැක්වෙන්නේ FIBER OPTICS LIGHT GLOVE එකක්. සාමාන්‍යෙයන් අපි එදිනෙදා භාවිතා කරන GLOVE එකකට වඩා ගොඩක් වෙනස්. මෙහි ඉතා කුඩා බැටරි පැක් එකකුත් අන්තර්ගතයි. හරියටම නිකම් විදුලි පන්දමක ක්‍රියාකාරීත්වයට ‍සමානයි. නමුත් වැයවෙන විදුලි ප්‍රමාණය ඉතා සීමිතයි. ඉතින් මේ රෑපසටහන බැලුවාම තේරැම් ගන්න පුලුවන් වේවි මෙහි සැකැස්ම පිලිබදව.

  1. Battery pack - මෙම පද්ධතියට අවශ්‍යකරන විදුලිය ලබා දෙන්නේ මෙමගිනි. කුඩා LED කිහිපයක්ද අන්තර්ගතයි.
  2. Optical Fibers - ආලෝකය ගමන් කිරීමට ඔප්ටිකල් කේබල්ස් අතුරා ඇත. 
  3. Light direction - ආලෝකය යා යුතු දිශාව තීරණය කරන්නේ මෙමගිනි.
  4. Quick Access Buttons - ආලෝක ධාරාවේ තීව්‍රතාවය හා දිශාව පාලනය කිරීම සිදු කරයි.
  5. Spot light - ආලෝක ධාරාව එකතු වී පිටතට ලබා දෙන්නේ මෙමගිනි.

           මෙමගින් Fiber optics light ray එකක්,  ඒ කියන්නේ කුඩා එහෙත් ඉතා තියුණු වූ ආලෝක ධාරාවක් එල්ල කරනවා අපේ ඇගිලි තුඩු අගින්. දැන් එයින් අපිට නිදහසේ අත එහි මෙහා කරමින් ඕනෑම වස්තුවක් නිරීක්ෂණය කල හැකියි.  මහපට ඇගිල්ලට එන Quick access buttons හරහා මෙහි ආලෝක ධාරාවේ තීව්‍රතාවය හා දිශාව පාලනය කල හැකියි. මේ උපකරණය ගොඩක්ම වැදගත් වෙන්නේ Dentists, surgeons, enforcement officers වගේ අයටයි. මොකද මේ  gadget එකෙන් ඔවුන්ට නිරීක්ෂණය කලයුතු දේවල් ඕනෑම වෙනස්වු තත්වයක් යටතේ පහසුවෙන් කරගැනීමට ඉදිරියේදී හැකිවේවි.
         තවත් ලිපියකින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය උපයෝගී කර‍ගත් තවත් නිපැයුමක් ගැන කතා කරමු.    එතෙක් ඔබට ජය...


10 comments:

  1. උඹ මේකට වෙන මහන්සිය ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ බං.comments reply නැතුවට කමක් නෑ.මේ වාගෙ ප්‍රයෝජනවත් දේ අපි එක්ක බෙදා ගන්න එකම කොච්චර වටිනවද?

    (තෑන්ක්ස් මචෝ අසනීප දවස් වල බලන්න ආවට)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දිනේෂ්. උඹ නම් මාත් එක්ක එදා ඉදන්ම හැම පෝස්ට් එකක් එක්කම ඉන්නවනේ. විශේෂයෙන් ෆයිබර් පැත්තට ඔයත් නැඹුරැයිනේ. දැන් කොහොමද, සනීපද මචං.

    ReplyDelete
  3. තාකෂණික ලිපි ලියන අය බොහෝ අඩුයි. කොහොමත් අපිත්, ඔබතුමා ලියන්න වෙලාවක් හොයා ගන්නව වගේ, කියවන්නත් වෙලාව හොයා ගන්නෙ අමාරුවෙන් වැඩ අස්සෙ. කොහොම උනත් තමන් යමක් අධ්‍යනය කරල ඒ ගැන ලිපියක් පල කරහම දැනෙන සතුට කවි සිංදු ලියල පල කරල ලබන්න බැහැ. ඒක මම හොදටම දන්නව. ඔබ පනස්වෙනි blog post එත වෙනකම් ලියාගෙන ආවා එහෙනම් මේ ජයග්‍රාහී කඩඉමත් පහුකරල බ්ලොග් අවකාශෙ අපි ඉන්න තුරා හොද දේවල් ලිවීමට ඔබට ශක්තිය ෙෙධර්‍ය ලැබේවා. මගෙන් ඔබට සුභ පැතුම්.

    ReplyDelete
  4. Melanga ත් මාත් එක්ක නිතරම ඉන්න කෙනෙක්නේ. බොහොම ස්තුතියි මිත්‍රයා. ඇත්තටම අපි කාටත් වෙලාව කියන්නේ රන් හා සමානයි. ඇත්තටම මේ වගේ ලිපියක් ලියලා කාටත් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ දැනෙන සතුට උපරිමයි මිත්‍රයා.ඔයාගේ ටෙක්නිකල් සයිට් එක අගෙයි. මාත් බලනවා. ඔබටත් දිගු ගමනකට සුබපැතුම්...

    ReplyDelete
  5. මම උගන්වන ඉන්ස්ටිටියුට් එකේ මගේ බොස් හිටං ඔයාගේ ලිපි කියවනවා ...

    මමනම් මුල ඉඳලාම මේ ලිපි ටික ප්‍රින්ට් කරගන්නවා ..අයිය මෙවුවට නැහෙන තරම අපි නොදන්නවැයි ...එලටම ලියන්න දිගටම අපිට වෙන තැනක් නෑ මෙවුවා ඉගන ගන්න

    ජය වේවා !!

    ReplyDelete
  6. ආ හිස්අහසේ සදරෑ මල්ලිත් හැමදාම මාත් එක්ක තමයි. මං දන්නවා ඔයත් අනිවා බලනවා කියලා. බොහොම ස්තුතියි. බොසාත් බලනවද. මැක්සා බොසෙක්නේ. මං පුලුවන් තරම් කාලයක් ලියන්න තමයි හිතන් ඉන්නේ. ඔබටත් ජය...

    ReplyDelete
  7. ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගැන මමනමි මේලෝ දෙයක් දැනගන හිටියේ නැ රතීගේ දිනපොතට පිං සිද්ධ වෙන්න දැන් ගොඩක් ‍දෙවල් දන්නවා. මන් නමි ලගදි තමයි මේ පැත්තට අවේ. දිගටම ලියන්න හැම ලිපියක්ම හොදට පැහැදිලි කරලා තියනවා. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. Chathura ත් ටෙක්නිකල් සයිඩ් එකට නැඹුරැයිනේ. එදා ඉදන්ම මාත් එක්ක ඉන්න මිතුරෙක්. බොහොම ස්තුතියි ඔබටත් දිගටම මාත් එක්ක රැදෙනවට. ඔයාගේ බ්ලොග් එකත් ඇක්ටිව් ලියාගෙන යන්නකෝ. ෆයිබර් ඔප්ටික් විතරක් නෙවෙයි තවත් අලුත් දේවල් මම ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  9. wijithaත් පිලිගන්නවා සාදරයෙන් මගේ දිනපොතට. ඇත්තටම ‍දැනුම තියෙන අය මහන්සිය නොබලා තමන්ගේ දැනුම අන් අයත් එක්ක බෙදාගන්නවානම් මේ ලෝකයේදී අපිට ජාතියක් විදිහට යන්න පුලුවන් දුර උපරිමයි. හැමෝම එහෙම වෙනවනම් සුන්දර තැනක් වේවි මේ ලෝකය. බොහොම ස්තුතියි මිත්‍රයා ඔබේ අදහස් දැක්වීමට...

    ReplyDelete
  10. මට ඉතින් තාම EDGE Brodband ලැබුන දවසක බ්ලොග් ලියමුකෝ. දිගටම මේ පැත්තේ නමි එනවා. දිගටම ලියන්න ගොඩන් වටිනවා මට නම් මේ ලිපි. පරිගණක ජාලකරණය ගැනත් ලියන්න. Reply එකට ස්තුතියි.

    ReplyDelete