ඔප්ටිකල් ෆයිබර් එකක් හරහා ලබාගත හැක්කේ අන්තර්ජාලය පමණක්ම නොවේ යන්න ඔබ දැනටමත් දන්නවානේ. ඉතින් අදත් කියන්න යන්නේ මෙම තාක්ෂණයේ බල මහිමය පැතිරැණු තවත් එක් පැත්තක් පිලිබදවයි. අද කියන්නේ ෆයිබර් ඔප්ටික්වලින් නිවෙස් ඇතුලත ආලෝකනය කරගන්නා නවතම තාක්ෂණයක් පිලිබදවයි. ලෝකය පුරාම මේ වනවිටත් කාර්යාලවලට මෙන්ම නිවෙස්වලටත් ආලෝකය සපයන ප්‍රධාන මාධ්‍ය විදුලිබලයයි. නමුත් ඔප්ටිකල් ෆයිබර් කේබලය භාවිතාවෙන් ඉතා නුදුරේම අපේ නිවෙස් එළිය කරන්නටත් විදුලිබලය අවශ්‍ය නොවන කාලයක් ඒවි. සූර්යයාගේ ආලෝකය ඔප්ටිකල් ෆයිබර් එකක් දිගේ ඇවිත් අපේ නිවෙස් හා කාර්යාල එලිය කරනවනම් කොච්චර වටිනවද. විදුලිබලයට යන වියදම මෙන්ම හිටිඅඩියේ සිදුවන විදුලිය සිදලීම්වලිනුත් අපි බේරෙනවා නේද?
මෙහිදී නිවසේ හෝ කාර්යාලයේ වහලයේ සවිවන උපකරණයක් හරහා ලබාගන්නා සූර්යාලෝකය ඔප්ටිකල් ෆයිබර් එකක් හරහාම අවසානය දක්වා ගමන් කිරීමයි සිදුවන්නේ. මෙම තාක්ෂණය සූර්යකෝෂ හරහා විදුලිය ලබාගන්නා ක්‍රමයට තරමක් සමානයි. ලංකාවේ නැතත් ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල්වල මෙසේ Fiber Optics Indoor Lighting සිදුකරදෙන ආයතන පවා බිහිවී තිබෙනවා.
දවල් කාලයේදී නම් ප්‍රමාණවත් තරම් ආලෝකය අපට ලබාගත හැකියි. නමුත් රාත්රියේදී මෙයින් ප්‍රයෝජන ගැනීමටනම් power store device එකක් අපට අවශ්‍ය වෙනවා. මෙහි ඇති අනෙක් අවාසිය නම් ආලෝකය අඩුවෙන් ලැබෙන වලාකුලු වැඩි දවසක හෝ වැස්ස දිගටම ලැබෙන වැහි කාලයේදී මෙහි භාවිතය තරමක් ගැටලු සහගත වීමයි. එයට පිලියමක් ලෙස power store device එකක පිහිට ලබාගතහැකි නමුත් එයින් ලොකු කාල පරාසයක් ආවරණය කිරීමට නොහැකිවීමත් ගැටලුවක්.
කෙසේ වෙතත් මේ තාක්ෂණයේ පල ප්‍රයෝජන ඉතා ලග අනාගතයේදීම අප අතරටත් පැමිණෙනු ඇති.



අයියා කවදාව අදහස් දැම්මේ නැති උනත් මන් මේක හැමදාම කියවනවා....
ReplyDeleteඔයා නියමට ලියනවා දිගටම ලියන්න ජය
MaRLaN_ගොඩක් ස්තුතියි හැමදාම කියවනවට. මටත් හිතෙනවා හොදට කෙසේවෙතත්, අපේ උදවියට තේරෙන විදිහටවත් මං ලියනවා ඇතිය කියලා.
ReplyDeleteමෙව්වනම් හිතා ගන්නත් බැරි සීන් බං.වෙලාවකට හිතෙනව අපි මොනවද දන්නෙ කියලත්.
ReplyDeletedinesh_අපිට හිතාගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද. අනික මේක අලුත් ටෙක්නොලොජි එකක්නේ. ඉතින් ලෝකයේ වෙන අලුත් දේවල් දැක්කාම මටත් හිතෙනවා "අපි මොනවද දන්නේ" කියලා.
ReplyDeleteමේක නමි පුදුම ටෙක්නොලොජි එකක්. මේ ටෙක්නොලොජි ඒක ගැන ගොඩක් දෙවල් දැනගැනිමට ලැබිම සතුටක්. බොහොම ස්තුතියි
ReplyDeleteChathura_ඔව්. මේ ටෙක්නොලොජි එකෙන් කල හැකි පුදුමාකාර දේවල් තවත් තියෙනවා.
ReplyDelete