Monday, February 14, 2011

හාඩ් ඩිස්කයේ usage එක බලාගන්න හොද මෘදුකාංගයක්



                     සෑහෙන දවසකින් තමයි අලුත් පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේනම් වෙලාවක් තිබුනෙම නෑ. මෙ දෙන්න යන්නේ පරිගණකයේ දෘඩ තැටියේ usage එක පිලිබදව හොද අවබෝධයක් ලබාදෙන මෘදුකාංගයක්. මෙය වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ විශාල ධාරිතාවයකින් යුතු දෘඩ තැටි සහිත පරිගණක හෝ සර්වර්ස්වලටයි. දැනට හාඩ් ඩිස්කයේ පිරී ඇති ප්‍රමාණය graphical interface  එකක් මගින් අලංකාරව පෙන්වනු ලබනවා. WinDirStat නමින් හදුන්වනු ලබන මෙම ටූලය  disk usage statistics viewer එකක් සේම cleanup tool එකක් ලෙසින්ද බෙහෙවින් ප්‍රයෝජනවත්. WinDirStat  මෙතනින් බාගන්න. මෙය සහාය දක්වන්නේ Windows වර්ෂන්ස් සදහා පමණයි තාමත්. Official page එකට මෙතනින්යන්න.


           මෘදුකාංගය විවෘත වූ පසු මෙහි view එක tree view එකක් ලෙසයි ලබාදෙන්නේ. හාඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස්වල propertes බලා ගැනීම සේම , ඩිස්කයෙන් එම ෆයිලය භාවිතාකර ඇති ඉඩ ප්‍රමාණය percentage එකත්  අනවශ්‍ය දෑ එසැනින් ඉවත් කිරීමේ පහසුකමත් මෙමගින් ලබාදී තිබෙනවා.එකවගේ ෆයිල්ස් තියෙනවනම් ඒවත් මෙමගින් බලාගත හැකියි. මට නම් ඉතින් මගේ තියෙන films, softwares, songs ටික manage කරගන්න කියාපු ටූල් එක. මේ  Disk usage statistics viewer ගණයටම වැටෙන මේ හා සමාන තවත් මෘදුකාංගය තියෙනවා. ඒවයින් එකක් තමයි Jdiskreport කියන්නෙත්.


3 comments:

  1. පෙනුමෙන් නම් පට්ට ..බාගන්නට හිතයි ..මගේ බයිට් හිඟයි ..

    කමක්නෑ ඔන්න ඔහේ බානවා ...

    ස්තූතියි අයියා ...

    කෝ බොල මට දෙනවයි කියපු නෙට්වර්කින් පාඩම ? අනේ ඒක ඉක්මනටම ඕන

    ReplyDelete
  2. දිනේශ් දීපාල්_බලලා මටත් කියන්න දිනේෂ්.

    හිස් අහස_පොඩ්ඩයි යන්නේ බාගන්න. only 640KB. නෙට්වර්කින් පාඩම ඉක්මනින්ම දෙන්නම් මල්ලී. තරහගන්න එපා. මටත් ටිකක් වැඩ වැඩියි මදිවාට හිතත් හරි මදි ලියන්න තරම්. අද වැලන්ටයින් දවසෙම හිතට උණ ගැනිලා. ලියනවා හෙට අනිද්දම.

    ReplyDelete