Monday, April 18, 2011

No Promises - "Shayne Ward"



   මං කොහොමත් මාසෙකට සැරයක්වත් මං අහල තියන ලස්සන ගීතයක් හදුන්වලා දෙනවනේ. ඉතින් මේ ගීතය Shayne Ward කියන ගායකයාගේ ‍"Shayne Ward" (2006) නම් වූ ඇල්බමයේ එන "No Promises" යන ගීතයයි. මේ  ගායකයා කවුද යන්න වග බලාගන්න ඕන නම් මොහුගේ ගීතයක්ම මම මීට කලින් පලකරලා තියෙනවා මෙන්න මෙතනදී. ඒ ඇල්බමයේම එන That's My GoalStand By MeAll My LifeYou're Not Alone යන ගීතත් ලස්සනයි මේ වගේම. 


"Every time you're near I feel like I’m in heaven, feeling high
 I don’t want to let go, girl
 I just need you to know girl"

"Baby, now I need to hold you tight, 
 I just wanna die in your arms



 Here tonight"

කොහොමද meaningඑක.
හැබැයි මෙතනදි කියන "I just wanna die in your arms" කියන කොටසට ඒක නැතුව I wanna be at your side හරි  I want you in my arms වගේ තිබ්බනම් හොදයි කියලා මට හිතෙන්නේතව එකක් තමා මේ සින්දුවට  "No Promises" වලට වඩා වෙන හොද නමක් තිබ්බෙම නැද්ද දාන්න කියලා. මමත් පණ්ඩිතයා කියලා කට්ටිය දැන් කල්පනා කරනවත් ඇති. නෑ නෑ එහෙම නෑ. ඔන්න ඔහෙ නිකමට හොදයි කියලා හිතුන දෙයක් කීවේ.  

මෙන්න Vedioව
මෙන්න Lyrics

6 comments:

  1. මමත් ආසම සින්දුවක්....!!

    ReplyDelete
  2. මම මාරම ආස සින්දුවක් .අපේ මාමගේ මලගෙදර දවසෙත් මම ඕක ඇහුවා ..(හොරෙං)

    ReplyDelete
  3. මේ රති අයියා කම්මැලි වෙලා තියෙන හැටි. වෙනදා නම් meaning 1 පොඩ්ඩක් හරි දානවා. අද ඒක‍ත් නෑ. හප්පේ, අනික තමයි I just wanna die in your arms' කියන්නෙ මෙ man දැනටමත් මැරිලා නිසා එයාට අරයගෙ arms උඩ මැරෙන්න ඕනෙ ඇති ආයෙ වතාවක් ජීවත් වෙන්න chance 1ක් එනවනම්. අනික ඉතින් ජිවත් වෙලා ඉන්න කාලෙ අපි මොන මොන ‍promises දෙනවද? හැබැයි මැරැනට පස්සේ ඒ මොකක්වත් නෑ. ඒකයි no promises කියලා නම දාලා තියෙන්නෙ.

    ReplyDelete
  4. තාරක Dilsh@n_
    ඔව් ඇත්තටම ලස්සනයි.

    හිස් අහස_
    මලගේ පැත්තක තියලා ඇහුවද ඉතින්.

    Anonymous_
    අනේ ඉතින් කම්මැලි වෙලා නෙමෙයි නේද? ම්ම්ම්..ඔව් ඉතින් කම්මැලිත් තමයි ටිකක්. ඔයා කියපු විදිහ හරි වෙන්න ඇති එහෙනම්. ආයෙ වතාවක් එයත් එක්ක ජීවත් වෙන්න එයාට ඕන නිසා එයාගේ අත් මත මැරෙන්න වුනත් ආයෙත් සූදානම් කියලා වෙන්න ඔන කියන්නේ. no promises කියන්නේත් ඒකයි එහෙනම්. මැරැණම ඉතුරැ වෙන්නේ කරපු පින් පව් දෙක විතරයිනේ.දීපු promise එකක්වත් නෑනේ එතකොට.

    ReplyDelete
  5. anony hari,me sinduwa kiyanne marunu kenek thmange girl ta,video eka balanna eke hondata tiyenwa oka

    ReplyDelete
  6. මමත් ආසම සිංදුවක්

    ReplyDelete