Power over Ethernet (POE) තාක්ෂණය කියන්නේ network cable එකක් ඔස්සේ දත්ත ගෙන යාමට අමතරව විද්‍යුතය ( electrical power) රැගෙන යාමේ හැකියාව ලබා දෙන තාක්ෂණයක්. උදාහරණයක් විදිහට digital security camera එකක් ගත්විට අප එයට input ලෙසින් ආකාර දෙකකින් සම්බන්ධතා ලබාදිය යුතු වෙනවා. ඔය උඩින් දාලා තියෙන්නේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනට ලෝක සම්මතයේ පවතින logo එක. POE-enabled device එකක පිට පැත්තේ මේ ලොගෝ එක ගහල තියෙනව නම් අනිවා ඒක සපෝට් කරනවා මේ තාක්ෂණයට.
1 Network Connection - මෙයින් security camera එක මගින් ලබා ගනු ලබන දත්ත video හා Audio recording අකාරයටත්, display වීම සඳහා තිරයක් මතට රැගෙන යෑම.
2 Power Connection - security camera එක ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන විදුලිය රැගෙන යෑම.
කොහොම නමුත් මේ security camera එක POE-enabled ආකාරයේ එකක් නම් input එක ලෙස in කල යුත්තේ ethernet cable එක් පමණි. ඒ ඔස්සේ විද්‍යුතය ගමන් කරමින් උපකරණය ක්‍රියාකාරී තත්වයට පැමිණීම ඉබේම සිදුවනු ඇති. සම්මත වශයෙන් යම් උපාංගයක් ඔස්සේ දත්ත සංසරණය කිරීමේදී ආකාර දෙකක ක්‍රමවේදයක් භාවිතා කරනවා A හා B ලෙස. බොහොමයක් උපාංග මේ බී ආකාරය හරහා තමයි දත්ත ගෙනයන්නේ. බී ආකාරයෙන් දත්ත ගෙනයද්දී 1,2,3 හා 6 හරහා පමණයි දත්ත ගෙනයෑම සිද්ධ වෙන්නේ. ඉතින් සරලවම ගත්තොත් මේ තාක්ෂණයේදී කරලා තියෙන්නේ මේ දත්ත ගෙන යන්නෙ නැති 4,5,7 හා 8 භාවිතා කරලා ඒ ඔස්සේ විදුලිය ගෙනයාමයි .
වැදගත්කම
Time and cost savings - electrical power cable යෙදවීම සඳහා යන වියදම මෙන්ම කාලය අවම කර ගත හැක. එමෙන්ම ඕනෑම ස්ථානයක විදුලි කාර්මිකයෙකුගේ සමහායක් නොමැතිව මෙය ස්ථාපනය කල හැකි වීමත් අමතර වාසියකි.
Flexibility - එක තැනක ස්ථාපනය කල POE-enabled device එකක් අවශ්‍ය වූ විට ඉතා ලෙහෙසියෙන්ම තවත් තැනක ස්ථාපනය කර ගත හැකි වීම.
Safety - POE-enabled devices නිපදවීමේදී ම යම් යම් විදුලි දෝෂ හේතුවෙන් එහි නෙට්වර්ක් පරිපථයට වන හානි අවම වන ලෙස නිපදවා ඇත.
දැනට POE-enabled ආකාරයේ ඇති උපාංග
VoIP phones
IP cameras
CCTV cameras
Wireless Access Points
Wireless Routers
POE switch එකක් යනුවෙන් හඳුන්වන්නේ ඒ ඔස්සේ විද්‍යුතයත් ගමන්කරවිය හැකි ආකාරයේ එකක්. මේ ආකාරයේ POE switch එකක් කුමක් හෝ අනෙකුත් network device එකකට සම්බන්ධ කල විට එම උපාංගය POE-enabled device එකක්දැයි හඳුනාගෙන ස්වයංක්‍රීයව ඒ වෙත විදුලිය නිකුත් කරවනු ලබයි.දැනට POE capability නොවන LAN installations එකක් වුවත් අපට POE injector කියන උපාංගය හරහා POE enabled ජාලයක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය switch එකක් හරහා එන කේබල මේ POE injector එකක් හරහා යැවූ විට එය POE-enabled device එකකට in කරන්න පුලුවන්. මේ ඉන්ජෙක්ටර්ස් කියන උපාංග අපි එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය Ethernet Switch එකකින් වෙන්නේ බොහොම සුලු වශයෙන්.
ඉතින් මේ තාක්ෂණය දැනටමත් ලංකාවෙදි භාවිතා වෙනවා සමහර විට ඔබ දැකලත් ඇති.එච්චරම ලොකු දෙයක් නෑ මෙතන. data ළුලට පාවිච්චි නොකරන පාත් ටික වෙන් කරල අරන් ඒ ඔස්සේ අදාල උපාංගයට අවශ්‍ය කරන විදුලිය ගමන් කරවීමයි කරල තියෙන්නේ. ආයෙත් හමුවෙනකම් ජයෙන් ජය...
ඉතින් මේ තාක්ෂණය දැනටමත් ලංකාවෙදි භාවිතා වෙනවා සමහර විට ඔබ දැකලත් ඇති.එච්චරම ලොකු දෙයක් නෑ මෙතන. data ළුලට පාවිච්චි නොකරන පාත් ටික වෙන් කරල අරන් ඒ ඔස්සේ අදාල උපාංගයට අවශ්‍ය කරන විදුලිය ගමන් කරවීමයි කරල තියෙන්නේ. ආයෙත් හමුවෙනකම් ජයෙන් ජය...





ග්‍රීක්... තැන්කුයි..
ReplyDeleteඑච්චරටම නම් ග්‍රීක් නෑ. කමක් නැ කවද හරි වටීනේ...
Deleteමේවා ඉගන ගන්න දැන් අපිට වයස වැඩියි
Deletethnk
ReplyDeleteවිදුලිය වයර්ලස් ගෙනියන්න පුළුවන් ක්‍රමයක් තාම නැද්ද ? මට කොහෙදි හරි ඇහුනා එහෙම ක්‍රමයක් තියනවා කියලා.. දන්නවනම් ඒ ගැනත් ලිපියක් දාන්න..
ReplyDeleteඑහෙමත් විදිහක් තියෙනවලු යම් කිසි සීමා සහිත පරාසයකදී පමණක් භාවිතයට ගත හැකි. තව ටික කලක් යද්දී ඔය හැමදේම එදිනෙදා ජීවිතයට එබිකම් කරන්න පටන් ගනී....
Deleteවැදගත් ලිපියක්.
ReplyDeleteමෙම ලිපියේ විස්තර කර තියෙන්නේ passive POE ක්‍රමය ගැන පමණයි. මෙහි අවාසියක් වෙන්නේ උපරිම වේගය 100Mbps වලට සීමා වෙනවා. 802.3af හා 802.3at සම්මතයන් මෙයට විසදුමක් ලෙස ඉදිරිපත් වී තිබෙනවා. එහිදී 4,5,7,8 power සඳහා පමණක් සිමා නොකර data සමග හවුලේ භාවිතා වෙන තාක්ෂණයක් තිබෙන නිසා 1000Mbps ලබාගත හැකියි
ඔය කීව IEEE 802.3af වලදි 15.4 W දක්වාත් IEEE 802.3at වලදී 25.5 W දක්වාත් විදුලියක් සපයගන්න පුලුවන්. ඒ category 5 cable එකේදී. ස්තුතියි මේ ගැන වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කලාට...මම මේ නිකමටයි කියන්නේ. දන්න කියන දේ තව ටිකක් වැඩිපුර දාලා අපිත් එක්ක බෙදාගත්තොත් නරකද ඇනෝ...
Deleteහොද ලිපියක්....
ReplyDeletePoE කියන්නෙ මාර වටින දෙයක් කියල තේරෙන්නෙ පාවිච්චි කරද්දි. මමත් මෑතකදි ඔෆිස් එකේ access points ටික PoE support කරන ඒවට මාරු කලා. වැඩේ ලේසියි වගේම ඕනම උසකට උනත් සෙට් කරන්න පුලුවන්.
ReplyDelete