
පරිගණක ජාලකරණය කියන මාතෘකාව ඉතාමත් පුලුල් පරාසයක විහිදී පැතිරැණු විෂයක්. ඉතින් අලුත් ක්රමවේදයන්, අලුත් තාක්ෂණික උපක්රම දිනෙන් දිනම එකතු වෙනවා.මමත් මේ සම්බන්ධව තාමත් ඉගෙන ගන්නවා. මේ සම්බන්ධව සිංහලෙන් ලියැවුණු ලිපි ගොඩක් අඩු නිසා මම මේ විෂය ඔස්සේ ඉදිරියේදී බොහෝ කරැණු ඉදිරිපත් කරන්න සූදානමෙන් ඉන්නවා. Experiments කරමින් ඉගෙන ගැනීම තමයි මම මෙහි වඩාත්ම කැමතිම කොටස.ඉතින් සමහර වෙලාවට මෙහි මදිපාඩු ,අඩුලුහුඩුකම් තියෙන්න පුලුවන්. ඔයාලට කියලා දෙන්න මට මගහැරැණු කොටස් තියෙන්නත් පුලුවන්. ඒවා මට පෙන්නලා දීලා මාව දිරිමත් කරන ලෙස නිහතමානී ආයාචනයක් කරන්නත් කැමතියි.ඉතින් වැල් වටාරම් ඇති නේද? කෙලින්ම මාතෘකාවටම බහිමු එහෙනම්.
පරිගණක දෙකක් කිසිදු අමතර උපකරණයක සහයකින් තොරව ජාලකරණය කරගැනීම මෙසේ හැදින්විය හැක. එනම් මේ සදහා අපිට Router එකක් Hub එකක් Modem එකක් හෝ Internet පහසුකමක් වැනි කිසිම තුන්වන පාර්ශවයක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ Cat 5E වලින් නිර්මිත Patch Cable එකක් පමණි. PC to PC, Peer-To Peer, Direct cable connection network, Straight cable connection network යනුවෙන් හදුන්වන්නේද මෙම ජාලකරණ ක්රමවේදයයි.
1 අඩු වියදමකින් Home Network එකක් නිර්මාණය කරගැනීමට හැකිවීම.
2 අපිට Router, Hub, Modem හා Internet පහසුකමක් වැනි කිසිවකට මුදල් යෙදවීම අවශ්‍ය නොවීම.
3 පහසුවෙන් හා වේගයෙන් අඩු සම්පත් ප්රමාණයක් වැඩිපිරිසකට පරිහරණය කිරීමේ අවස්ථාව හිමිවීම (Resource Sharing).
4 File Backup කිරීමේදී හා දත්ත පරිහරණයේදී Removable Devices කිසිවක් අවශ්‍ය නොවීම.
මේ සදහා ඔබට අවශ්‍යවන්නේ මොනවාද?
LAN cards සහිත පරිගණක දෙකකුත් Crossover cable එකක් හෝ Straight cable එකක් අවශ්‍ය වේ. LAN card එකක් නැතිනම් USb to LAN උපකරණයත් ඒ වෙනුවට භාවිතා කල හැක.

පැරණි මාදිලියේ LAN cards සදහා Straight cable බොහෝ විට සහය නොදක්වයි. එවිට අවශ්‍ය වන්නේ Crossover cable එකකි. නමුත් ඔබේ පරිගණකය මෑතකදී මිලට ගත් එකක්නම් Straight cable ඒ සදහා සහාය දක්වනු ඇත. මෙම cable සම්බන්ධව යම් දැනුමක් ඇත්නම් හා අවශ්‍ය අමුදුව්‍ය ඇත්නම් ඔබටත් මෙවැන්නක් නිර්මාණය කරගත හැකි වනු ඇත. මා ඉදිරිපත් කරන පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙල තුලින් ඉදිරියේදී මේ හා සම්බන්ධ කරැණු ආවරණය කිරීමට බලාපොරොත්තු වෙමි. නැත්නම් මෙවැනි cable එකක් ඔබට Telecom center එකකදී සුලු මුදලක් ගෙවා මිලදී ගත හැකි අතරම, කොලඹ කොටුව හරස් වීදිවලින් ඉතා අඩු මිලට ලබාගත හැකියි. එසේත් නැත්නම් මෙවැනි උපාංග පරිගණක ජාලකරණ වෘත්තිකයින් සතුව නිතරම පාහේ ගැවසෙන හෙයින් ඔබ හදුනන පරිගණක ජාලකරණ වෘත්තිකයෙක් වේ නම ඔහුගෙන් ද නොමිලේ ඉල්ලාගත හැකි වනු ඇත.
PC-To-PC Network එක හදාගන්නා ආකාරය...

1 පලමුව ඔබ සපයා ගත් cable එක (Crossover හෝ Straight) පරිගණකයේ LAN ports(Ethernet ports) හරහා සම්බන්ධ කරගන්න.
2 දැන් පරිගණක දෙකේම Notifications area වල ඇති
3 ඉහත පියවර සම්පූර්ණ වූ පසු අපි IP configure කරගැනීම manualy සිදුකරගත යුතුය. පලමුව Start-->Control Pannel-->Network Connections යන්න. නැතිනම් Run වල "ncpa.cpl" යන්න ටයිප් කර එන්ටර් කරන්න.
4 විවෘතවන window එකේ දැනට ඇක්ටිව් වී ඇති Local Area Connection එක රයිට් ක්ලික් කර Properties යන්න.
5 එවිට විවෘතවන Local Area Connection Properties window එකේ Internet Protocol (TCP/IP) යන්න double click කරන්න.
6 දැන් IP Address එක ලබා දීමට අදාල window එක විවෘත වී ඇති. එහි Obtain an IP address automatically යන්න වෙනුවට Use the following IP address යන්න තෝරන්න. මෙවැනි PC-To-PC Network එකක් IP address එක හා Subnet Mask එක ලබා දුන් විට බොහෝ විට වැඩකරන තැනට පත්වේ. එසේ නැත්නම් පමණක් අනෙක් සියල්ලත් fill කල යුතු වේ. එනම් Default Gateway, Preferred DNS Server යන ඒවාටත් values ලබා දිය යුතුවේ.

7 එක් පරිගණකයකට පහත අගයන් ලබාදෙන්න.
IP address : 192.168.2.1
Subnet Mask : 255.255.255.0
Ok කරන්න.
රෑපයේ දැක්වෙන අනෙක් අගයන් උවමනා වුවහොත් පමණක් ලබාදෙන්න. එම අගයන් ලබා දීම අත්‍යවශ්‍ය නොවේ.

8 අනෙක් පරිගණකයේත් ඉහත ආකාරයටම Local Area Connection Properties window එක ව්වෘත කරගෙන පහත අගයන් ලබාදෙන්න.
IP address : 192.168.2.2
Subnet Mask : 255.255.255.0
මෙහිද රෑපයේ දැක්වෙන අනෙක් අගයන් උවමනා වුවහොත් පමණක් ලබාදෙන්න.
9 මීලගට පරිගණක දෙක අතර කනෙක්ෂන් එක okද යන්න බැලිය යුතුය. ඒ සදහා එක් පරිගණකයකින් අනෙක් පරිගණකයට Command prompt එක ආධාරයෙන් ping කර බලමු.IP address එක 192.168.2.1 දුන් පරිගණකයේ සිට Start-->Run ගොස් "ping 192.168.2.2 -t" යනුවෙන් type කර ok කරන්න. අනෙක් පරිගණකය 192.168.2.2 බැවිනි ඒ.
දැන් කනෙක්ෂන් එක ok නම් එයට time out වීමකින් තොරවම ping වීම සිදුවනු ඇත.මෙහි දැක්වෙන්නේ මා ලබා දුන් IP range එකයි. මේ ආකාරයට ඔබේ IP range එකටත් ping වීම සිදුවනු ඇත.මෙසේ අනෙක් පරිගණකයෙන්ද කනෙක්ෂන් එක පරීක්ෂාකර බලන්න.දැන් කනෙක්ෂන් එක ok නම් එය එස්ටැබ්ලිෂ් වී අවසානය. එනම් පරිගණක දෙක අතර සම්බන්ධතාවය ඇති වී තිබේ. දැන් work group එකක් නිර්මාණය කරගෙන PC-To-PC Network එක භාවිතා කිරීම ගැන කතා කරමු.
Work Group එකක් හදා ගන්නා ආකාරය...
1 පලමු පරිගණකයට මෙම settings ලබා දෙන්න. My Computer මත right click කර properties යන්න. එහි Computer Name යන tab එක යටතේ ඇති Change... යන්න ක්ලික් කරන්න.
2 දැන් මෙම පරිගණකයේ Computer Name එක PC1 යනුවෙන් ද, Work group එක WORKGROUP ලෙසද නම් කර OK කරන්න. පරිගණකය Restart කරගන්න. මෙලෙසම අනෙක් පරිගණකයේද Computer Name එක PC2 යනුවෙන් ද, Work group එක WORKGROUP ලෙසද නම් කර OK කර පරිගණකය Restart කරගන්න.
ඔබ මුල සිටම ඉහත පියවරයන් නිවැරදිව අනුගමනය කලේ නම් මේ වන විට පරිගණක දෙකම කනෙක්ෂන් ok වී, Work group එක
WORKGROUPලෙස තනි Work group එකකට ඇඩ් වී ඇත.දැන් කල යුත්තේ LAN එකට පරිගණක දෙකම Setup කරගැනීමයි.
එනම් තුඩා පරිගණක ජාලයක් තනා ගැනීමයි.
3 ඒ සදහා Start-->My Network Places යන්න.
4 විවෘත වන කවුලුවේ වම් පස තීරැවේ ඇති Set up a home or small office network යන්න click කරන්න.
5 මීලගට එන කවුලු දෙකම Next කරන්න.
6 දැන් Select a connection method යන්නෙන් එහි ඇති දෙවන ඔප්ෂන් එක තෝරන්න. එනම් ජාලයේ ඇති තවත් පරිගණකයකට කනෙක්ට් කිරීමට ඇති එම ඔප්ෂන් එක තෝරා Next කරන්න.
7 මෙහිදී Give this computer a description and name යන්නට අවශ්‍ය නම් මෙම පරිගණකය හදුනාගැනීමට පොඩි විස්තරයක් දැමිය හැක. එය අවශයම නැත. Computer Name යන්න ට කිසිත් Type නොකර Next කරන්න. මන්ද මීට පෙර අපි මෙයට Computer Name එක යොදන ලදී.
8 දැන් Name your network යන්නට මීට පෙර අවස්ථාවක අප Work group එකට ලබා දුන් නම මෙයට යෙදිය යුතුය. WORKGROUP යන්න තනි වචනයකින් යොදන්න.Next කරන්න.
9 ඊලගට Printer and file sharing on කරන්නදැයි අසයි. මෙහිදී Turn on files and printer sharing යන්න ටික් කර Next කරන්න. නැවත Next කරන්න.
10 දැන් Network එක share කරගන්නා අයුරැ Animation වේ.
11 අනතුරැව Just finish the wizard තෝරා Finish කර ජාලය ස්ථාපනය කිරීමේ කටයුතු නිමා කරන්න.
12 Local area connection icon එක ඉබ්බෙකුගේ ලකුණින් පෙන්වයි නම් එයින් කියන්නේ Network එක Fire-walled බවයි. එය අනවශ්‍ය නම් එහිම දකුණුපස ඇති Change windows firewall settings හරහා ගොස් Firewall එක Desable කරගන්න. මන්ද සමහර අවස්ථාවලදී Windows Firewall එක හේතුවෙන් අපිට ජාලය ඇක්සස් කිරීමේ අවස්ථාව මගහරවයි. දැන් පරිගණකය Restart කරන්නැයි පණිවිඩයක් ආවොත් පරිගණකය Restart කරන්න.
13 PC-To-PC Network එක සම්පූර්ණයි. දැන් My network places ගොස් එහි වම් පස ඇති View workgroup computers යන්න ක්ලික් කල විට අනෙක් පස පරිගණකය පෙන්වයි. එහි යම් කිසිවක් Share කලේනම් මෙහි සිටම ඊට ඇක්සස් කල හැකිය. එලෙසම DVD Writers, Printers ඇතුලු අනෙකුත් ඩිවයිසස් ෂෙයාර් කර ඇත්නම් (resource sharing) ඒවා භාවිතා කිරීමටත් පුලුවන.
ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න....



win 7 walata barida ? :D
ReplyDeleteපුලුවන්...Setup කරන විදිහ ටිකක් වෙනස්...
ReplyDeleteම්...මේ හරියනම් කොහොමත් අවුලක් නෑ.ඔහොම ඉස්සරහට යමුකෝ.
ReplyDeleteනියමයි මමත් බලනවා .....දිගටම
ReplyDeleteජයවේවා !!
mulinma sorry wenna one anonymous unata
ReplyDeletewin7 ekakui win xp sp 3 ekakui network karala file share karanna bada?
puluwannam aluth post ekakin hari kiyala denawada?
liyala matath link eka ewanna
lasitha119[at]gmail[dot]com
කිසිම අවුලක් නැතුව කල හැකියි. 7 තාම එච්චර familiar නැති නිසයි ටිකක් අමාරැ. Open network sharing center-->select change adapter settings on the left side of ur window-->properties-->tcp/ip version 4-->put ur IPs-->
ReplyDeleteවෙලාව තිබුණොත් දාන්නම් මේ ගැන Post එකක්. මං හිතන්නේ ඔයා මේක හදාගනියි. බැරිවුනොත් කියන්න. මං හෙලප් කරන්නම්.
රැහැන් රහිත ජාලයක් නිර්මාණය කරන විදියත් කතා කරමු නේද?
ReplyDeleteමරුනේ අනේ කියල දෙන්නකෝ
ReplyDelete