Monday, November 15, 2010

USB Cable error

ඔබ භාවිතා කරන USB Cable එකට Pen එක හෝ HSDPA modem ඒක ගැසූවිට,  "USB Device has exceeded the power 
limits of its hub ports. For assistance in solving this problem,click this massage." ලෙස  error එකක් ලබාදෙනවාද? 
නමුත් USB mouse එක ගැසූවිට එය හොදින් වැඩකරයි.මෙයට හේතුව කුමක්ද? 
pen drive එක හා HSDPA Modem එක නොගන්නේ ඇයි? USB Cable එකේ වරදක් තිබේද?






1 බාල වර්ගයේ හෝ USB2 සහය නොදක්වන කේබල් වල PenDrive හා Modem වලට උවමණා විදුලිය 
ප්රමාණය ලබාදීමට/ගෙනයෑමට නොහැකි නිසා මෙය සිදුවෙයි. හොද කේබල් එකක් මිලදීගන්න. 


2 Cable එක බාල නිසා resistance වැඩි ඇති. 


3  USB Cable එකේ Short එකක් වීමටත් පුලුවන.


සාමාන්‍යයෙන් මෙවැනි  1.5 m ක් දිග Cable ඒකක් රු 250/-  ක් පමණ ෙව්. පිටෙකාටුව හරස් වීදිෙයන් ඊටත් වඩා අඩුවට ගැනීමටත් පුලුවන්. හැබැයි බාල වර්ගයේ ඒවාට නම් අහුවෙන්න ඒපා. 


3 comments:

  1. හොද USB Cable හා බාල වර්ගයේ USB Cable හදුනාගතහැකි ක්‍රමයක් තිබේද?(ගෙදර ගෙනාවට පස්සෙ නෙමි මිලදී ගන්නා ස්ථානයේ දී)

    ReplyDelete
  2. මටත් ඔය වගේ ප්‍රශ්ණයක් ආවා. ‍ඩොන්ගල් එක කේබල් එකට ගහන කොට වෙබ් කැම් එක වැඩ කරේ නෑ.නමුත් ඩොන්ගල් එක ඩිරෙක්ට් ගැහැව්වාම දෙකම වැඩ. මොකද කරන්න ඕන.

    ReplyDelete
  3. TO Roshan______
    එවැනි බාල වර්ගයේ කේබල එම ස්ථානයේදීම හදුනාගත හැකි ආකාරයක් නම් කියන්න අමාරැයි. අපි දන්න කියන තැනකින් කේබල් එකක් ගන්න පුලුවන්නම් විශ්වාසය තියන්න පුලුවන් නේද? එහෙමත් නැත්නම් Lap එක අරන් ගිහින් එතන ඉදලා ගහලම බලලා තමයි පරීක්ෂාකර ගන්න වෙන්නේ...


    TO කි.අප්පුහාමි_______
    මට හිතෙන්නෙ නම් මෙතන ඇත්තේ කේබල් අවුලකට වඩා power අවුලක් වගෙයි. මොකද, පෙන් එකක් පරිගණකයට සම්බන්ධ කරන කොට එමගින් ලබාගන්නා විදුලියට වඩා වැඩි ප්රමාණයක්
    dongle එක හා web cam එක මගින් ලබාගන්නවා. පරිගණකයක ඉදිරිපස(Front Pannel) usb ports වලට ලැබෙන්නේ පසුපස (Rear Pannel) usb ports වලට ලැබෙන විදුලියට වඩා අඩු ප්රමාණයක්. ඒ නිසා වැඩිපුර විදුලිය ලබාගන්නා උපාංග (HSDPA mdem, Bluetooth dongle, Web cam, Huge Ear phones) ආදිය Rear pannel එකටම සමිබන්ධ කලා නම් මේ ගැටලුව බොහෝ දුරට මග ඇරේවි.

    ReplyDelete