Tuesday, November 16, 2010

මට ඔයාව නොලැබුණොත් ......සදාකාලික ආදරයක්

 මම ලස්සන ඉංගිරිසි සින්දුවක් අහුවුනොත් අතඅරින්නේ නෑ කියලා ඔයාල දැනටමත් දන්නව ඇති. ඒ කියන්නේ සිංහල අහන් නෑ කියන එක නෙවෙයි. ඒවත් අහනවා. ඒත් සිංහල එකකට වඩා පැතිරැණු අර්ථයක් ඉංගිරිසි සින්දුවක තියෙනවා කියන එකයි මගේ අදහස. එක දිගට  ඉංගිරිසි සින්දු දෙන්න ගිහින් කට්ටිය මාත් එක්ක අමනාප වෙයිද දන්නෙත් නෑ. ඒත් කමක් නෑ. ඔයාලගේ   ඉංගිරිසි භාෂාව(කඩ්ඩ) පොලිෂ්‍ වෙනව නම් මේව අහලා තරහ උනත් කමක් නෑ. කඩ්ඩ පොලිෂ්‍ වෙන්න නම් කඩ්ඩ භාවිතයේ තියෙන්න ඕන කියන එකත් ඔයාල දන්නව ඇතිනේ. 


 මේ සින්දුවත් මම ඉතාමත් කැමති ගායකයෙක් ගායනා කරන්නේ. මම පිස්සුවෙන් වගේ අහපු ගීත සෙට් එකක් තමයි මොහු ගේ තියෙන්නේ. Jay Sean ගේ All or Nothing 2009 ඇල්බමයේ එන If I Ain't Got You  නම් වූ මේ ගීතයටත් එහි එන බොහොමයක් ගීත වගේම ඉතා හොද අර්ථ රසයක් තියෙනවා. ඔහුගේ Do You RememberDownLove Like This (Eternity) වැනි ගීතවල ඇති  මම ‍කැමතිම Rock and Roll and  Rhythm and Blues‍  ශෛලිය මෙහිත් අත්විදිය හැකියි.  වැල් වටාරම් නැතිව ගීතයේ අදහස මෙහිදී සරලවම ප්රකාශ කරනවා. එමෙන්ම යම් ආකාරයක හාස්‍ය රසයකුත් මෙහිදී ඉස්මතු කරනවා.   



" All the diamonds and the pearls
And the money in the world 

means nothing If I aint got you

මම ලෝකයේ සියලුම මුතු මැණික් දියමන්ති මිලදී ගන්නම්
 ලෝකයේ  ඇති සියලුම මුදල් මම මගේ අතට ගන්නම්
ඒ දේවල් මට එච්චර අමාරැ දේවල් නෙමෙයි...
ඒත් ඔයාව නොලැබුණොත් මට ඒ කිසි දෙයකින් වැඩක් නෑ..."



"And all the watches and the rings
And all the shiny things
Means nothing if I aint got you

ඒ වගේම සියලුම ඔරලෝසු මුදු සහ
දිලිසෙන සියලු දේම මා සතුව තිබුණත්
ඔබ නැත්නම් එයිනුත් පලක් නෑ"






No comments:

Post a Comment