Saturday, December 4, 2010

"My Love" - Westlife



අද මම ටිකක් නිවාඩු පාඩුව ඉන්න දවසක්. මොකද මෙහෙට වහිනවා බරසාර වැස්සක්. ඒකයි මේ දෙවෙනි පෝස්ට් එකත් ලියන්නේ. මම අද දෙන ඉංගිරිසි සින්දුවත් මම ගොඩක් කැමැති ගීත අතරින් මුල්පෙලේ තියෙන  ඉංගිරිසි ගීතයක්. අනික Pop rock, pop-dance සහ  soft rock වගේ Genre වල ගීත ආසාවෙන් අහන පොඩි එකෙක්නේ මං. (පොඩි කීවට ඉතින් ලොකු පොරක් තමයි...) ගොඩ දවසක ඉදන් මේ ගීතය ගැන පෝස්ට් එකක් දාන්න හිතාගෙන හිටියත් තාක්ෂණික පෝස්ට් ටිකක් දැම්මේ මම ඒ පැත්තෙන් ලියන්න කැමති නිසායි. අදම මේක දාන්නත් හිතුවේ ඔවුන්ගේ  "Gravity" (2010) නම් අලුත් ගීත ඇල්බමයත් ඊයේ පෙරේදා, එනම් 2010 නොවැම්බර් 22 වෙනිදා අවුට් වුන නිසයි. Westlife සංගීත කණ්ඩායම කීවාම කවුරැත් දන්නව නෙව. ඒක බාගත්තට මොකද තාම හරියට නිදහසේ අහන්නත් බැරිවුනා. මේ Gravity ඇල්බමය ඔවුන්ගේ 11  වෙනි ගීත ඇල්බමය. මම ඉතින් ඔය අලුතින් එන ඉංගිරිසි ගීත ඇල්බම ගැන ඇහැදාගෙන ඉන්න පොරනේ. අනික  විසිරැණු හිත එක තැනකට ගේන්නත්  මේ වගේ සින්දුවලට තියෙන්නේ පුදුමාකාර හැකියාවක් නේ. චුට්ටක් විස්තර කරාට අප්සෙට් ගන්න එපා ඉතින්.
        ගීතය  "Coast To Coast" නමින්  2000 වසරේදී ඔවුන් එලිදක්වපු ඇල්බමයේ එන  "My Love" නම් ගීතය.  ඔවුන්ගේ පලමු ඇල්බමය "Westlife" (1999) නමින් 1999දී නිකත් වුනාට පසුවයි මේ ගීතය අඩංගු ඇල්බමය නිකුත් වුනේ. Westlife කියන්නේ Irish pop band එකක්. ඔවුන්ගේ What About Now, Where We Are, I Need You වගේ ගීතත් නියමයි. අද දෙන My Love ගීතයත් ගොඩක් දෙනෙක් අහල ඇති. ඇල්බම් එක පරණ වුනත් ගීතය තාම ජනප්රියයි. ආදරය නැතිවුනත් ඒ ආදරය එක්කම,  ඒ ආදරය වෙනුවෙන් බලා ඉන්න, අතීත සැමරැම් සිහිකරමින් ඉන්න පෙම්වතෙක් ගැනයි මේකෙන් කියන්නේ. මම හිතන්නේ අපි කවුරැත් මේ වගේ අත්දැකීමකට ජීවිතේ එකවතාවක් හෝ මුහුණ දීලා ඇති. මම නම් එහෙමයි. ඒකයි මේ වගේ ගීත හිත ඇතුලටම දැනෙන්නේ.



"හදවත දැන් හිස් වෙලා, මම තනිවෙලා. 
මම පුදුම වෙනවා අපි එක්ව ගයපු ගීත, එකට හිටිය කාලය දැන් කොහෙද
An empty street, an empty house
A hole inside my heart
I'm all alone, the rooms are getting smaller.
I wonder how, I wonder why, I wonder where they are
The days we had, the songs we sang together."

"මම වැඩ කරන්න පොත පත කියවන්න උත්සාහ කරනවා
යාලුවොත් එක්ක කතාබහ කරනවා, හිනාවෙනවා
ඒත් මට ඔයා ගැන හිතන එක නවත්වන්න බැහැ
I try to read, I go to work
I'm laughing with my friends
But I can't stop to keep myself from thinking." 

පට්ට තේරැමක් තියෙන පට්ට සින්දුවක් තමා මේක. බා ගන්නවා නම් මෙන්න ලණුව

No comments:

Post a Comment