Thursday, December 2, 2010

Windows XP live cd පියවරෙන් පියවර...



අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Windows xp cd එකක් ආධාරයෙන් live cd එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම  පියවරෙන් පියවර (Step by Step) guide සදහා හොද ප්රතිචාර තියෙනවා. මේ වගේ live cd එකක්  ඔයාලට වැදගත් වෙන අවස්ථා තියෙන්න පුලුවන්.  XP පරිගණකයට ඉන්ස්ටෝල් නොකර  directly මේ ආධාරයෙන් බූට් කල හැකිවීම,  මෙහෙයුම් පද්ධතියේ යම් දෝෂයක් පැනනැගුණු අවස්ථාවක එය යථා තත්වයට ගෙන ඒමට උපකාරී කරගැනීම,  Windows7 මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතිවිට xp හා සම්බන්ධ ආදිය මෙයින් විශේෂයි.  මෙම Screen shots ලබාගෙන ඇත්තේද  Windows7 මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයකිනි. Xp වල Screen shots මීට වඩා වෙනස් ආකාරයක් ගන්නා බවත් මතක තබා ගන්න. පලමුවෙන්ම ඔබ  live cd එකක් නිර්මාණය කරගැනීමට පහත සදහන් දේවල් සම්පූර්ණ කරගත යුතුයි. 

1  Windows XP bootable cd එකක්
2  Nero හෝ එවැනි CD burning software එකක්
3  Windows live CD Creator software එකක්
4  Windows Live CD plugin එකක්
5  ඔබේ  C:\ drive එකේ  700 Mb පමණ  Free space

ඉහත දේවල් සම්පූර්ණ නම් පහත පියවර අනුගමනය කරමින් live cd එක නිර්මාණය කර ගැනීම ඇරඹිය හැක. 









1 xpcd නමින් අලුත් folder එක් c:\ drive එකේ නිර්මාණය කරගන්න. 













2 CD Rom එකට ඇතුල්කල Windows XP bootable cd එක copy කරගන්න.












3 xpcd නමින් c drive එකේ හදාගත්  folder එකට  paste කරගන්න.












4  Plug_in නමින් අලුත් folder එකක් හදාගන්න.  මෙම  plugin එක download කරගෙන   plug_in folder එකට   paste කරගන්න.










5 Live_cd නමින් අලුත්  folder එකක් හදාගන්න. Windows live CD Creator software එක මෙයින් download  කරගන්න.  








6 Live_cd නමින් අලුතින් හදාගත්  folder එකට  එය extract කරගන්න. දැන් එය install කරගන්න. මතක තබා ගත යුතු දෙයක්නම් ඔබට මෙම software එක  run කිරීමට Administrative priviledges තිබිය යුතුය.











7  PE builder නම් මෙම මෘදුකාංගය open කර එහි builder යටතේ ඇති source යන්නට ඔබ  Windows XP bootable cd එක   copy කරගත්  xpcd නම් folder එකෙහි පාත් එක ලබා දෙන්න. 







8  Media output option එක ලෙස  create ISO image නම් option තෝරා එය ISO image එකක් ලෙසම save වීමට ඉඩ හරින්න. මෙහි extension එක .ISO ලෙසම තැබිය යුතුය. එය වෙනස් කිරීමට නොයන්න.  දැන් Plugins button එක ක්ලික් කරන්න. 









9 දැන් Add යන්න තෝරන්න.















10 මෙයට ඔබ Plug_in යනුවෙන් නිර්මාණය කරගත් folder එකෙහි ඇති  xpe-1.0.7 නම් Zip file එක  click කර  open කරගන්න.










11 දැන් නිර්මාණය කිරීමට යන cd එක bootable එකක් බවට පත් කරගැනීමට කල යුතු වැඩ කිහිපයක් ඇත. විවෘත වන වින්ඩෝවේ Startup Group යන්න Select කර Disable කරන්න.














12 Nu2shell යන්නත්  Select කර Disable කරන්න.












13  එම Nu2shell and Startup Group යන දෙකම Disable වූ පසු වින්ඩෝව  Close කරන්න. දැන්  Build button එක Click කර  Build  කිරීම ආරම්භ කරමු. ඔබ කිසිදු වැරැද්දකින් තොරව ඉහත පියවරයන් සිදු කලේ නම්  Live CD creation එක  process වීම ආරම්භ වනු ඇත.












14 ඉන් පසුව  process වීම අවසානයේදී   Close button එක  Click කර   Close කරන්න. 















15 ඔබ මෙම ISO image එක save වීමට දුන්තැනින් එය open කර Nero හෝ එවැනි CD burning software එකක් ආධාරයෙන්  ISO image එක  write කරගන්න.









 මම මෙහිදී භාවිතා කලේ  Nero එකයි. මෙහිදී එම image එක එලෙසම write කිරීම කලයුතු වන්නේ data හෝ එවැනි මාදිලියකින් write කලොත්  cd එක bootable එකක් බවට  පත් නොවෙන නිසාය. 

16 දැන් පරිගණකය restart කර CMOS Setup වල Boot order එක cd ලෙස තෝරා දෙන්න. ඔබ නිර්මාණය කරගත් bootable cd එක මාර්ගයෙන් පරිගණකය පණගැන්වෙනු ඇති.  

මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් පැනනැගුණා ඒ සම්බන්ධව විමසන්න. 

5 comments:

  1. නියමයි යාළුවා....වැදගත් ලිපියක් මමත් කාලෙකට කලින් bart pe කියලා එකකින් xp bootable එකක් හැදුවා.ඊට වඩා මේක හොදයි වගේ....

    ReplyDelete
  2. නියමයි යාළුවා....වැදගත් ලිපියක් මමත් කාලෙකට කලින් bart pe කියලා එකකින් xp bootable එකක් හැදුවා.ඊට වඩා මේක හොදයි වගේ....

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ නියමයි !

    ජයවේවා !!

    ReplyDelete
  4. Windows Live CD එකත් ඇත්තටම ප්‍රයෝජනවත්. ඔයා Zorin os එක try කරල බැළුවද? ඒක USB එකෙන් boot කරල බලන්න. මාර Speed එකක් තියෙන්නේ.

    ReplyDelete
  5. elakiri post ekak,,, puluvannam linux live cd ekak hadana vidihat danavada?

    ReplyDelete