අපි ටොරන්ට් හරහා බාගන්නා ලද DivX, XviD, avi වැනි file format වල චිත්‍රපට සාමාන්‍ය DVD player එකක නැරඹීමට හැකිවන සේ DVD තැටි වලට ගන්නේ කොහොමද? අපි නම් ඉතින් කම්පියුටරේ භාවිතා කරලා ඕනම file format එකක film එකක් බලනවා. ඒකට ඉතින් codec pack එකක් තියෙන k-lite හරි VLC හරි ප්ලේයර් එකක් තිබුනාම හොදටම ඇති. නමුක් ඉතින් DVD player වල බලන අයත් ඉන්නවනෙ. ඒ අයටයි මේ ලිපිය.මම මෙහිදී DVD player යනුවෙන් අදහස් කලේ data dvd ධාවනය කිරීමට නොහැකි , වීඩියෝ file format එකෙන් රයිට් කල dvd පමණක් ධාවනය කල හැකි තරමක් පැරණි මාදිලියේ ඒවායි. නමුත් නව මාදිලියේ DVD player වලට මෙවැනි කන්වර්ට් කිරීමක් අවශ්‍ය නොවන අතර Dvd එක data dvd එකක් ලෙස රයිට් කල විට ඒවා ධාවනය වේ. ඉතින් මෙවැනි DivX කම්පැටිබල් ප්ලේයර්ස් සදහා 700Mb films 5ක් හෝ 6ක් data ලෙස ඇතුලත් කර (empty dvd එකක සාමාන්‍ය ධාරිතාවය 4.7GB පමණ වනනිසා) ඩිවිඩි එකකට පිටපත් කරගන්න. එවිට එම DVD players වලදී data DVD වල තියන AVI play වනු ඇති. මෙසේ divx compliant player එකක AVI play නොවීමටත් යම් යම් හේතු තියෙනවා.
- AVI වල Video codec එක DivX හෝ Xvid නොවේ නම් බොහෝ විට play වීමේ සම්භාව්තාවය අඩුය.
- Videos format එක AVI නොවී MKV, MP4, RMVB වගේ ඒව නම් ඒත් play වෙන එකක් නෑ.
- අනික තමයි Audio format එක MP3 වෙන්න ඕනෙ. හැබැයි දැන් එන ඒවගේ නම් AAC support ද කියල මම හරියටම දන්නේ නෑ!
- ඇතැම් DVD යන්ත්‍ර වල DVD+R වැඩ නොකරන අතර DVD-R හොඳින් ක්‍රියාත්මක වෙයි. මෙයද හේතුවක් විය හැකියි.
- DivX,Xvid File format වල එන සමහර සුවිශේෂී features ඇතැම් DVD players වලට සහය නොදක්වන හේතුවෙනුත් ප්ලේ නොවිය හැකියි.
ඉතින් බොහෝ movies තියෙන්නෙ Xvid,MP3 format එකෙන්. ඒ කියන්නෙ play වෙනව. බොහෝ DVD player වල data විදිහට තියෙන DivX 5 avi වුනත් බලන්න පුලුවන්! ඒ කියන්නේ නෙට් එකේ torrent වල තියෙන බොහෝ avi ඒව DVD player වල බලන්න පුලුවන් කියන එකයි. සමහර release වල info එකේ BURN TESTED කියලත් දාල තියෙනවා ඔයාල දැතල ඇති. (ඒ කියන්නෙ එහෙම දාන ෆිල්ම්ස් write කරල divx compliant player එකක බැලුව කියන එක) ඉස්සර නම් XVID ඒවගෙ FourCC එක DX50 කියල තිබ්බෙ නැත්නම් සමහර ඒවගෙ play වුනේ නෑ. FourCC එක කියලා කියන්නෙ four character code කියන එක කෙටි කරලයි. මේ FourCC එකෙන් කරන්නේ ඕනම media file එකක තියෙන video codecඑක, compression formatඑක, color හෝ pixel format එක හදුනාගෙන මතකයේ තබා ගැනීමයි. ඉතින් යම් media file එකක FourCC එක නිසා එය play වෙන්නෙ නැත්නම් FourCC එක change කරන්න පොඩි පොඩි tool වලින් ලේසියෙන්ම පුලුවන්. (මෙවැනි එකකින් Convert වෙන්නෙ නැති නිසා වෙලාවක් යන්නෙත් නෑ) ඒ නැතත් DVD එක burn කරන්නෙ NERO එකෙන් නම්, nero එකේ option එකක් තියනව write කරන xvid AVI file වල FourCC code එක DX50 කියල වෙනස් කරන්න කියල. දැන් බොහෝ විට XviD ඒවගෙ FourCC code එක XVID තිබ්බත් play වෙනව මං හිතන්නේ. මෙසේ DivX කම්පැටිබල් නොවන ප්ලේයර්ස් සදහා DivX කන්වර්ට් කිරීමට නොයෙකුත් මෘදුකාංග අන්තර්ජාලයේ surf කරද්දී හොයා ගන්න පුලුවන්. WinAVI, AVS වගේ ඒවත් හොදයි. ඒත් මං හිතන විදිහට ConvertXtoDVD කියන මෘදුකාංගය ගොඩක් හොදයි. එයින් සබ්ටයිට්ල්ස් එක්කම කන්වර්ට් කිරීමට හැකියි. පලමුව ConvertXtoDVD කියන මෘදුකාංගය මෙතනින් බාගන්න. මෙම මෘදුකාංගය පියවරෙන් පියවර භාවිතා කරන අන්දම එහි නිල අඩවියෙන් රෑපසටහන් එක්කම බලාගත හැකියි.ඔයාලට මේ සම්බන්ධව තවත් යමක් දැනගන්න තියෙනවානම් අහන්නත් අවස්ථාව තියෙනවා.

උඹේ පෝස්ට් නම් ඉතින් පට්ටනේ...
ReplyDeleteකොහොමත් අන්තර්ජාලයේ සිංහල බාවිතය වැඩි කිරීමේ අරමුණින් ආරම්භ කරල තියන මේ වාගෙ සිංඩි වල අපි වාගෙ කුනුහරප පෝස්ට් නොදම මෙහෙම වැදගත් එව්ව ලියන එක ගොඩක් අගය කරනවා.
මේ සීන් එකනම් වැඩිය තේරුනේ නෑ බං මට.දැන් ඉතින් බ්ලූ රේ වල ඉන්න හින්ද එක්කො කමක් නෑ.
මචං..divx වලට වඩා mkv format එකේ එන films කොලිටි වැඩියි නේද? අනික ඒවාගේ laptop වලට නියමෙට ගැලපෙන wide screen technology එක තියෙනවා. ධාරිතාවත් 350 හරි 400mb හරි තමා එන්නේ. කොහොමද එච්චර අඩුවට නියම කොලිටියට Films කන්වර්ට් කරගන්නේ...
ReplyDeleteසයිට් එකනම් පට්ටම පට්ටයි මචං..
hakinam nero eken hari wena ekakin hari dvd player ekaka balanna puluwan dvd ekak burn karana hatith kiyanna.
ReplyDeletethawa ekak ahanna one.game ekak cd dekakata gahana hatith kiyanna.