අද දෙන්න යන ඉංගිරිසි ගීතයත් පහු ගිය දවස්වල UK TOP40 chart එකේ මුල් ස්ථාන අතරේ තිබුන ගීතයක්. ගිතය Eminem හා එක්ව Rihanna තමයි ft කරන්නේ. මේ දවස්වල Rihanna (Barbadian singer) ගේ ගීත කිහිපයක් ඉංගිරිසි ගීත දර්ශකවල මුල් ස්ථාන අතර තියෙනවා. ඒ අතර මේ ගීතයත් තියෙනවා. "Love The Way You Lie" තමයි ගීතය. Eminem ගේ (ඇමරිකනු ජාතික rapper කෙනෙක්) Recovery නමින් 2010 June 18 වෙනිදා නිකුත්වුන ඇල්බමයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. එය ඔහුගේ හත්වන ගීත ඇල්බමයයි. Rap and Hip-Hop ගණයට තමයි ගීතය අයත් වෙන්නේ. ගීතයෙන් කියන්නේ දෙන්නෙක් අතර තිබුන බොහොම ශක්තිමත් ආදර සම්බන්ධයක් හෙමින් හෙමින් නරක අතට හැරී එකිනෙකා අතර වෛරයක් ඇතිවන තරමට එය වර්ධනය වුන ආකාරයයි. ඒ ආදරය අතරට එන නරක දේවල් තමා බොරැව හා රැවටීම. ඉන් අනතුරැව ඔහු ඇයගෙන් පලිගන්නේ රණඩු සරැවල් ඇතිකරගැනීමෙන්. ඇය ඔහුට මේ සම්බන්ධව තේරැම් කරදීල වැඩක් නැති බව කියා ඔහුගෙන් ඉවත්ව යන්න යනවා. එත් ඔහු ඒකට ඉඩ දෙන්නේ නෑ. ඇය නැවත යන්න උත්සාහ කලොත් ඇයව මරන බවට ඔහු තර්ජනය කරන්නේ,
"If she ever tries to leave again
Im'a tie her to the bed and set this house on fire" ලෙස කියමින්.
Eminem ගේ rapping style එක නම් මරැ මෙතනදි. ආවේගශීලී බව නියමෙට පෙන්වනවා ඔහුගේ කොටස්වලදී.
ඒත් ඇයගේ ආදරයේ අඩුවක් වෙන්නේ නෑ ඔහු මොනවා කීවත්.
ඇය තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්නේ මේ විදිහටයි.
"Just gonna stand there and watch me burn
But that's alright because I like the way it hurts
Just gonna stand there and hear me cry
But that's alright because I love the way you lie
I love the way you lie
I love the way you lie"
අහලම බලන්න වටින ලස්සන සින්දුවක්. නමුත් අපිට දෙන feelings නම් sad.
මේ ගීතයේ , එහෙම නැත්නම් මේ story එකේ second part එකකුත් "Love The Way You Lie - part 2" ලෙස නිකුත් වුනා. එහි ලින්ක් එක මෙන්න. part 2 එකෙන් පලමු ගීතය continue කරනවා. පලමු ගීතයෙන් පෙම්වතාගේ අදහස්වලට වැඩිතැනක් දී තිබෙන නමුත් දෙවෙනි එකෙන් පෙම්වතිය තමන්ගේ පැත්තෙන් හිතන දේවල් කියනවා.
"Even angels have their wicked schemes
And you take that to new extremes
But you'll always be my hero
Even though you've lost your mind
සම්පූර්ණයෙන්ම පරිපූර්ණ මිනිස්සු පවා සමහර දෙවල් ලෝකයෙන් වසං කරගෙනයි ඉන්නේ
ඉතින් ඔයා මොන වැරැද්දක් කලත් ඔයා ගැන මං හොදට දන්නවා
ඔයා මගේ හිත කොහොම රිද්දුවත්
ඔයා ඉතින් මගේ ලෝකයේ වීරයා හැමදාටමත් "
ඇත්තටම මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවද? ලංකාවෙත්....
ඒත් මේ වගේ හැම බරපතල වැරැද්දකටම සමාව දෙන එක නම් ඇත්තටම හොදද?....

innawa athi lankaweth.....
ReplyDeleteබලමු හොඳද කියලා ..
ReplyDelete