Tuesday, January 4, 2011

පාටිෂන් එකක මැකී ගිය දත්ත ආපසු ලබාගන්න හැටි


               
                  අදත් පෝස්ට් එකක් දාන්නයි හිතුවේ. කට්ටිය බලනවා ඇති මූට මෙච්චර Free time එකක් කොහෙන්ද මෙහෙම හැමදාම ලියන්න, ජොබ් එකක් කරන්නෙ නැති ගෙදර ඉන්න කම්මැලියෙක්ද කොහෙද මූ කියලා. මොකක් හරි පොඩි ජොබ් කට්ටක් හොයන අතරෙ තමයි ඉතින් මාත්  මේ ලියන්නේ. හික්ස්...මාතෘකාවට බහිමුකෝ එහෙනම්.
                     පරිගණකයක පා‍ටිෂන් එකක තියෙන දත්ත නොයෙක් හේතූන් මත මැකී යන්න ඉඩ තියෙනවා. ඉතින් වැදගත් දත්ත තියෙන පාටිෂන් එකක් මොකක් හෝ හේතුවක් නිසා මැකිලා ගියොත් අපි ගොඩක් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. මේ ආකාරයට දත්ත මැකී යාමට බලපාන හේතු අතර පරිගණක වෛරස මුල් තැනක් ගන්නවා. ඊට අමතරව අපි පරිගණකවල නොයෙක් ආකාරයේ experiment කරන්න ගියාමත්, ඒ කියන්නේ අපේ මොලේ ඇති වැඩ නිසාත් මේක සිද්ධවෙන්න පුලුවන්. අනික් කාරණය තමයි එවැනි වැදගත් දත්ත තියෙන hard drive එකක් හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාමත් මෙහෙම වෙනවා. Hard drive එක හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාම නම් පොඩි කෙමක් තියෙනවා කරන්න. හැබැයි ඉතින් ලොකු ඩැමේජ් එකක් වෙලා නම්, phisical damage එකක් නම්, හාඩ් එක බිම වැටිලා වගේ නම් මේ කෙමෙන් වැඩක් නැතිවෙයි මං හිතන්නේ. කෝකටත් sectors සහ clusters ඩැමේජ් එකක් වගේ කියලා හිතෙනවා නම් කරන්න තියෙන්නේ Hard drive එක  ජලය වාෂ්ප නොවන ආකාරයට පොලිතීන් ඇසුරැමක දමා ශීතකරණයේ පැය කිහිපයක් තැබීමයි. මේ ක්රමයෙන් මමත් සාර්ථක පල ලබාගෙන තියෙනවා. අනික් විදිහ තමයි Low level format එකක් දෙන එක. මේ ක්රමයෙදි නම් ඉතින් දත්ත ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. ඒ ගැන මම මෙන්න මෙතනින්  කියලා තියෙනවා.
          එත් කොයි ආකාරයෙන් හරි දත්ත මැකී ගියහමනම්  අපි කවුරැත් අසරණ තත්වයට පත්වෙනවා. ඒ වගේ වෙලාවට අපේ පිහිටට එන්නේ data recovery software එකක් තමා. ඔයාලා මේ වගේ දෙයක් කරන්න යන්නේ පලමු වතාවට නම්, මේක අත්හදාබලන්න කියලා වැදගත් පාටිෂන් එකක දත්ත මකලා ඒක රිකවරි කරන්නනම් යන්න එපා. මොකද අන්තිමේට ඔයාලා වැඩේ නාගත්තොත් අපේ ගෙදර උදවියට තමයි බැනුම් අහන්න වෙන්නේ. නේද? දත්ත මැකුණු පාටිෂන් එකක් තියෙනවා නම් වැඩේ කරගෙන යන්න පුලුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට කරන්න.


  1. 100MB විතර ධාරිතාවයක් තියෙන පාටිෂන් එකක් හදාගන්න ටෙස්ටින් සදහා. Test නමින් එය rename කරගන්න. වෙනම පොඩි හාඩ් එකක් භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  2. මේ කුඩා පාටිෂන් එකට යූස්ලස් ඩේටා ටිකක් දමන්න.
  3. පරිගණකයේ වෙනත් පාටිෂන් එකක New Folder එකක් හදන්න Test_recovered_data යන නමින්.මෙහි Recover වන දත්ත තැන්පත් වීමට free space එකක් තියෙන්නත් ඕන.
  4. මේ data recovery software එක download කරගෙන  පරිගණකයට install කරගන්න. මම ‍මේ වගේ වැඩවලදී භාවිතා කරන්නේ EASEUS කියන Data Recovery Tool එක. 
  5. දැන් අර හදාගත්ත Test පා‍ටිෂන් එක Format කරන්න. මෙය My computer ගිහින් වගේම Disk Management ටූලය හරහාත් කරන්න පුලුවන්.





6 දැන් Data Recovery Tool එක open කරගෙන Partition Recovery යන්න තෝරා Next කරන්න.












7 ඔබට Data Recovery කරන්න අවශ්‍ය device එක තෝරා Next කරන්න. 









8 මේ පියවරේදී delete කල හා  format කල  partitions සෙවීම ආරම්භ කරනවා. Search කිරීමට ඉඩ දෙන්න.









9 මෙහිදී delete කල හා  format කල  partitions සියල්ල පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය එක තෝරා Next කරන්න. Recover කිරීම ආරම්භ කරනු ඇති. 











10 මෙම පියවරේදී මැකී ගිය දත්ත පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් මත ටික් කර Next කරන්න.








11 මීලගට Recover වන දත්ත තැන්පත් කල යුතු ස්ථානය අහනවා. ඔබ පෙර පියවරක Test_recovered_data යන නමින් හදාගත් ෆෝල්ඩරය source folder එක විදිහට තෝරාදෙන්න.ඔබගේ රිකවර් කිරීමට යන දත්තවල ධාරිතාවය මත  Recover වීමට යන වෙලාව තීරණය වනු ඇති. 











12 Recover වීම අවසන් වූ පසු එම ෆෝල්ඩරය වෙතට යන්න.














13 දැන් 1NTFS යන ෆෝල්ඩරය විවෘත කරගන්න.











15 මෙහිදී ඔබේ මැකීගිය දත්ත සියල්ලම දැකගත හැකි වේවි. 








   හැබැයි ගොයියෝ අවදානම ඔබ සතුයි. මොකද පොඩි මිස් එකක් වුනොත්  නැතිවුන ඩේටා ‍නෙමෙයි තියෙන ඒවත් නැතිවෙන්නත් පුලුවන්. එහෙම වුනොත් මාවයි මගේ පවුලවයි නම් අල්ලගන්න එපා. මං කරන්නේ කියලා දෙන එක විතරයි. ඒත් ඉතින් උදව් ඕනනම් අහන්න කිසිම කේස් එකක් නෑ. හරියට කලොත් වරදින්නෙත් නෑ කීයටවත්. Unsure වගේ නම් කරන්න යන්න එපා. දන්න කෙනෙක් ලවා කරවාගන්න කියලා අවසානවතාවටත් මං රෙකමන්ඩ් කරනවා. 

3 comments:

  1. තව ඩිංගෙන් මේක මිස් වෙනවා .. මට මේවගේ රිකවරි ක්‍රමයක් ඉගනගන්න ඕන වෙලා තිබුන වෙලාව..

    ඉස්තූතියි රතී අයියා ..

    ජය වේවා !!

    ReplyDelete
  2. අනේ සහෝදරයා මට පොඩි උදව්වක් දෙන්න.වැඩේ මේකය්.මට අත්යාවශ්ය ඩේටා තියන හාර්ඩ් එකක් පොඩි අත්වෙරදීමකින් මම ෆෝමැට් කරන්න ගත්තා.හුටා බාගෙට ෆෝමැට් වෙද්දි පවර් ගියා.යූ පී එස් එකේ ලෙඩක් හින්දා මම ඩිරෙක්ට් දීලා තිබුනෙ. ඊට පස්සෙ මේ හාර්ඩ් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ.පුලුවනිනම් මට ඔයාගේ උපදෙසක් දෙන්න.

    ReplyDelete
  3. ඩිටෙක්ට් කරන්නේ නැත්නම් මම දන්න විදිහට තියෙන්නේ බොහොම සීමිත ඉඩක් ඔබේ දත්ත නැවත ලබාගන්න. පොඩි සද්දයක්වත් ඇහෙනවද හාඩ් එක ඇතුලෙන්. එහෙමනම් ඩීෆ්‍රිෂර් එකක හෝ ෆ්‍රිජ් එකේ උඩම කොටසේ හෝ හාඩය පැයක් දෙකක් විතර වතුර කාන්දු නොවෙන ආකාරයට පොලිතින් එකක දාලා තියල ගහල බලන්න. හරියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හාඩ් ඩිස්කයේ PCB එකේ ඒ කියන්නේ අර සර්කිට් බෝඩ් එකේ බර්න් මාක්ස් එහෙම හෝ ඒ බෝඩ් එක ගිහින් වගේ සැකයක් තියෙනව නම් බෝඩ් එක මාරැ කරල බලන්න. ඒත් නැතනම් ඉතින් අත්‍යවශ්‍ය දත්තනම් ඔය යුනිට් ‍එකේ එහෙමත් තියෙනවා ඔය කියන විදිහට ගිය හාඩ් ගලවලා දත්ත අරන් දෙන තැන්. මං දන්න හැටියට අස්ප ගනන්. 50000ක්වත් යයි මයෙ හිතේ. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. තව මේ ගැන අත්දැකිම් ඇති යාලුවො ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න...

    ReplyDelete