පරිගණකය පුද්ගලික භාවිතයට පැමිණීම දැන් ලංකාවේත් සුලභව දකින්න ලැබෙන දෙයක්. ඉතින් එහෙම වෙනකොට පොඩි පොඩි ලෙඩවලට හැමදාමත් තමන්ගේ කම්පියුටරේ අරන් repairing center ගානේ දුවනවට වඩා සුලු බෙහෙතක් දීල සුව කරගන්න පුලුවන් නම් කාටත් ලේසියි. මම මේ කියන්න යන දේ ඔයාලත් අත්විදලා ඇති. ගොඩක් පරිගනක වැඩ කරමින් ඉදලා ආයෙත් ඔන් කලාම හදිස්සියේ ලෙඩ වෙනවා. සමහර වෙලාවට පරිගනකය කියාත්මක විමෙදි bios මගින් බීප් නාදය හඩවමින් RAM කාඩ්පත, Video(AGP) කාඩ්පත හෝ අනෙකුත් PCI කාඩ්පත් වැඩ නති බව හගවනවා. බොහෝ වෙලාවට එය RAM කාඩ්පතේ එහෙම නැත්නම් මෙමරි එරර් එකක් ලෙස හදුනාගන්න පුලුවන්. නමුත් එම කාඩ්පත් පරිගනකයෙන් ගලවා නැවත සවිකලවිට දෝෂය මග ඇරියනවා. මෙයට ප්‍රධානම හේතුව වන්නේ එම කාඩ්පත් සවිවන කොටසේ දිලිසෙන තඹ තීරුව මල කෑමට ලක් වීමයි. මේ දෝෂය නිතරම අත්විදින්න ලැබෙන උදවිය විදිහට මුහුදුබඩ ආසන්නයේ පරිගණක බාවිතා කරන්නන් හැදින්විය හැකියි. මෙය sea corrosion(ලවණ නිසා මල කෑම) ලෙස හදුන්වනවා. සමහර වෙලාවට මේවගේ ලෙඩ දුන්නු වොරන්ටි පීරියඩ් එකේ තියෙන පරිගණකයක් උනත් අදාල කම්පැනි එකට අරන් ගියාම වොරන්ටි ක්ලේම් කරන්න බෑ sea corrosion නිසා කියල කියනවා. ඒ ගොල්ලො එහෙම කියන්නේ හරියට අපි කම්පියුටරේ හිතලම මුහුද අයිනේ තියල පාවිච්චි කලා වගේ. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන්නේ උන්ගේ පවුල්වල උදවිය ගැන උන්ට මතක් කරල දීලා එන එක තමා. මොකද මමත් මේ කට්ටම කාලා තියෙනවා.
ඉතින් ඒ වගේ වෙලාවක PCI කාඩ්පතකට කලහැකි පොඩි කෙමකුත් තියෙනවා. මේ ක්‍රමය ගොඩක් පරිගණක කාර්මිකයින් භාවිතා කරනවා. දිලිසෙන තඹ තීරුව මල කෑමට ලක් වීම හේතුවෙන් පරිපථය සම්පූර්ණ නොවීම නිසා Mother board හා පිටතින් සවිකරන කාඩ්පත්ද නිසි ආකාරයට සම්බන්ද නොවේ. RAM කාඩ්පත් වැනි කාඩ් ගලවා බැලිමෙදි ප්‍රධාන පුරුවට සවිවන තඹ තිරුව පැහැයෙන් අව පැහැ ගැන්වි ඇති බව පෙනේවි. ඉතින් RAM කාඩ් එහෙම අල්ලද්දි පරිස්සම් වෙන්න ඕනේ. RAM කාඩ් වල තබ තිරුව අතින් අල්ලන්න හෝ අතින් මදින්න යන්න එපා. මොකද එවා හරි සියුම් කොටස් වලින් හදලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවට වැලි කඩදාසියෙන් හෝ රෙදි කැබැලිවලින් මැදීමෙන් එම තඹ තිරුව මැදිම මගින් දරුනු ලෙස එම තබ කොටස සිරිමකට ලක්වීමට පුලුවන්. වැලිකඩදාසියෙන් නම් කොහොමවත් මදින්න යන්න එපා. අතින් මැදිම මගින්ම අතිවන ආරෝපන මගින් පවා රැම් කාඩ් විනාශවීමට පවා ඉඩ තියෙනවා මම දන්න විදියට. එහෙම නෙවේ නම් මාව නිවැරදි කරන්න. සාමාන්‍ය රෙදි, අතින් පිහිදානවටත් වඩා හානියක් කරනව. රෙදි කෑල්ලකින්ම පිහින්න ඕනෙම නම් ආරෝපන නොවෙන රෙදි වර්ග තියෙනවා කඩවල් වල. ඒකත් හොදයි. අපේ ගොයියල තරන්නේ කෑල්ල ගලෝල ඇඳන් ඉන්න ඇඳුමේ අතුල්ලල ආපහු ගහන එකනේ.ඒ අය දැන් නම් ටිකක් බය වෙලා ඇති. කෝකටත් ඉතින් RAM එකේ දෙපැත්තෙන් අල්ලන එක තමයි වඩා සුදුසු.අන්න ඒ වගේ වෙලාවකදී තමයි අපේ මේ වැඩකට නැති මකනය වැදගත් වෙන්නේ. පිරිසිදු මකනයක් ගන්න. වැලි දූවිලි නොගෑවුනු එකක්. වැලි කඩදාසියෙන් මදිනවා වෙනුවට මකනය මගින් අර තබ කොටස සෙමින් මකන්න. කිසිම සිරිමක් නැතිව මල කෑ කොටස් (ඔක්සයිඩ් තට්ටුව) අයින් කරගන්න පුලුවන්.හරියටම වැඩේ වුනා නම් තබ තිරුව අලුතෙන් ගත්තා වගේ දිලිසේවි. ඒ වගේම කාලයක් යනකන් ලෙඩ දෙන්නෙත් නැතිවෙයි.
වැදගත් වුනා නම් කමෙන්ටුවක් දාලම යන්න.

Ram eka pins clean karanna, eraser kallak pavichchi karanna puluwan. Hondama eraser jathiya thamyi pansal eri makanna ganna sudupata soft eka.
ReplyDeleteEraser eka argena ram eka contact pins card eka athule edan eliyata atullanna.
හොද ලිපියක් නියමයි........
ReplyDeleteමචෝ මෙ ලඟදි මගෙ මැෂින් එකකට ඔය වැඩේ උනා.මේ ලින්ක් එකෙන් ටිකක් බලපන්කො.පට්ට වැදගත් මචං.මම උඹෙ පෝස්ට් හැම එකක්ම බලනවා.දිගටම ලියපන්.ජය........
ReplyDeletehttp://dinesh-dinu2000.blogspot.com/2010/11/blog-post_9177.html
නියමයි නියමයි අයිගේ පෝස්ට් මම දිගටම බලනවා මාර වැඩ තොගයක් මෙහේ තියෙන්නේ දිගටම ලියන්න
ReplyDeleteජයවේවා !!
මල්ලී, ඔයා මේක හොදට විස්තර කරල තියෙනවා. ඒ වගේම ඔයා මෙහි කියන සංසිද්ධිය මටත් වෙලා මමත් කරේ ඕකමයි.
ReplyDeletegam tape eka thamai hodama !! 100
ReplyDeletehttp://namalsdream.blogspot.com/2009/04/how-to-use-eraser-for-computer-hardware.html
ReplyDeletemath oya gana 2009 di liwwa... oka godak wadagath... oyage blog eka maxx digatama karagena yanna ....
Thanks!
ReplyDeleteThanks!!!!
ReplyDelete