අදත් මැක්සා සින්දුවක් දෙන්නයි යන්නේ. සින්දුවෙන්ම මේ අවුරැද්ද ඉවරකරලා සින්දුවෙන්ම නව වසරටත් පා තබන්නයි මගේ කල්පනාව. කොහොමද හොදයි නේද මගේ අදහස. ඊට කලින් අලුත් අවුරැද්ද ඔක්කොටම විෂ් කරන්නත් එපැයි. ඉතින් එහෙනම් 2011 වසර හැමෝගෙම සිතූ පැතූ දේ ඉටු වන , හැමෝටම යුතුකම් ඉෂ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා කියලා මම ඉතසිතින් wish කරනවා. ගෙවුන අවුරැද්දේ වෙච්ච වැරදි, අඩුපාඩු, දුර්වලකම්, අතපහුවුන දේවල් මේ අවුරැද්දේ හරිගස්සගෙන අලුත් විදිහට ලබන්නාවු වසරට මුහුණ දෙන්න හැමෝම හිතට ගනිමු. මමත් ඉතින් නව වසරේදී නරක පුරැදු අතහැරලා හොද පුරැදු ඇතිකරගෙන පහුගිය වසරට වඩා හොද වෙන්නයි හිතාගෙන ඉන්නේ. වැරදි, අඩුපාඩු මේ අවුරැද්දෙදි වුනේ නැති අය ඉන්නවානම් අවුලක් නෑ පරණ විදිහටම අලුත් වසරටත් යමු. නේහ්. හූහ් හූ.....ෂිහ්..මට මේ හූ කියන එකත් මෑතකදි ඉදන් පුරැද්දකට ගිහින් වගේ. ඉස්සර මම ඔහොම හූ කීවේ නෑනේ. ඒකත් නරක පුරැද්දක් තමා. අලුත් අවුරැද්දේ ඉදන් ඒකත් නැතිකරගන්න ඕන.
ඉතින් අද ගීතයත් හිතට වැදුනු ගීතයක්. එක එක්කෙනාට එක එක ගීත යම් ආකාරයකට හිතට දැනෙන්න තමන්ගේ යම් කිසි පැරණි අතීතයක් බොහෝදුරට හේතුවෙනවා කියන එකට මං එකගයි. තවත් කෙනකුට ඒ ගීතය එතරම් රසවත් නොවෙන්න පුලුවන් වෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ගීතය Saddest Day කියන ගීතයයි. ගායකයා Akon. මම දන්න තරමින් මේ ගීතය ඔහුගේ ඇල්බමයක නිකුත් වූවක් නොවෙයි. Special version එකක් විදිහට වෙනමම නිකුත් වූවක්. ඔහුගේ තවත් ගීතයක් මම මීට පෙරත් බ්ලොගයට ඇතුලත් කර තිබුනා. මේ ලින්ක් එකෙන් ඒකටත් යන්න පුලුවන්. ඔහු ඇල්බම් වර්ෂන් එකක් විදිහට නිකුත් නොකල ගීත අතරින් Hold My Hand(ft Michael Jackson) , No More You යන ගීතත් මරැ. මේ ගීතයෙන් කියන්නේ තමන්ගෙන් ඇයට සිදුවුන වැරැද්දක් නිසා ඇය තමාව හැරගිය බැවින් දුක්වෙන බවයි. නුඹේ ඒ මතක පොදත් එක්කයි මම ජීවත්වෙන්නේ කියලා මොහු කියනවා. බොහොම හිමින් ගලාගෙන යන ගීතයක් නිසා හිතට දැනෙනවා වැඩියි. අනික නියමෙට වොයිස් කරලා තියෙනවා මේ ගීතය.
"Going crazy
Heart Is breaking
I...can't...sleep at all
Trying get through this
Dont know how i'll do this
I..know... that I only got myself to blame
But that doesn't help to ease the pain
Ill just die if i cant see her face
මට කිසි දෙයක් හිතාගන්න බෑ තාමත්
හදවත රිදිලා
අමතක කරන්න හැදුවත් ඒක කරන්න බෑ
මම මටම බැනගන්නවා
ඒත් ඒකෙන් මගේ දුක තුනී කරන්න බෑ
මට ඇගේ මුහුණ බලාගන්න බැරිවුනොත් මම මැරේවි"
"Until you come back
I cant breath
Until you come back
I got no reason
got my heart my heart down on its knee's
I still need you beside me...
ඔබ එනතුරැ මට හුස්ම ගන්නත් ඕන නෑ
ඔබ එනතුරැ මට වෙන කිසිදෙයක් වැදගත් නෑ
මගේ හිත බිදිලා වැටිලා තියෙන්නේ මගේ දෙපා මුලටම
ඉතින් මට ඔයාව ඕන"
"Let me have
One more chance
In your life
Till your with me
Ill be
Half alive
Until ya come back
මේ වගේ වැරදි නොවෙන්න
මට තව එක වාරයක් දෙන්න
මොකද ඔබ නැත්නම් මම ජීවත්වෙන්නේ
සම්පූර්ණ කෙනෙක් විදිහට නෙමෙයි"
ඇත්තටම මාර සින්දුවක්. ඔයාලට කොහොමද මේක දැනෙන්නේ.
මෙන්න ලනුව

රති....ඔයාටත් එසෙම වෙවා.....
ReplyDeleteVery happy new year to you. May your ur all dreams come true.
ReplyDeleteඔයාටත් හිතේ තියෙන පැතුමු ඉටුවන සුභ අලුත් අවුරැද්දක් වේවා රතී...
ReplyDelete